header logo
Vallibel FD
උණුසුම් පුවත්
2022 දී වැඩිම මුදල් කුමන අමාත්‍යාංශයට ද?
Oct 07, 202107:10 PM
2022 දී වැඩිම මුදල් කුමන අමාත්‍යාංශයට ද?
Mobitel 1278

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව, ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3 ක් වන අතර එය මෙම වර්ෂයට සාපෙක්ෂව රජයේ වියදම රුපියල් බිලියන 33කින් අඩුකිරීමකි.

මෙවර විසර්ජන පනතෙන් ආරක්ෂක, මුදල් සහ අධ්‍යාපන වැය ශීර්ෂය වැඩි කර ඇති අතර ජනාධිපති කාර්යාලයේ සහ සෞඛ්‍ය වැය ශීර්ෂ අඩුකර තිබේ.

ඇස්තමේන්තු ගත රජයේ මුළු වියදමින් රුපියල් බිලියන 1,776 කට වැඩි ප්‍රමාණයක් දැක්වෙන්නේ පුනරාවර්තන වියදම් ලෙසය.

පොදු සේවාවන් සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් බිලියන 12.6කි.

ඊට ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, අධිකරණ, පාර්ලිමේන්තුව සහ කොමිෂන් සභා යන ආයතනවල වියදම් ද ඇතුළත්ව තිබේ.

එලඹෙන වසර සඳහා ජනාධිපති කාර්යාලයේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.78ක් ලෙස දක්වා ඇති අතර එය මෙම වසරට සාපේක්ෂව ජනාධිපති කාර්යාලයේ වියදම රුපියල් බිලියන 6.6කින් අඩුකිරීමකි.

එලඹෙන වසර සඳහා වන විසර්ජන පණත් කෙටුම්පත තුළින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහාය.

මෙම වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රුපියල් බිලියන 355ක් ලෙස දැක්වුණු අතර එලඹෙන වසර සඳහා එය රුපියල් බිලියන 373ක් දක්වා ඉහළ දමා ඇත්තේ මෙම වසරට සාපේක්ෂව ආරක්ෂක කටයුතු සඳහා රුපියල් බිලියන 18ක් වෙන් කරමිනි.

ආරක්ෂක අමාත්‍යාංශයට පසු වැඩිම වැය ශීර්ෂයක් වෙන්ව ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයටය.

එම අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 286.7ක් වන අතර ඉන් බිලියන 286ක් පුනරාවර්තන වියදම්ය.

එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය මෙම වසරට සාපේක්ෂව ලබන වසරේදී රුපියල් බිලියන 15කින් වැඩිකර තිබේ.

එමෙන්ම එලඹෙන වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ලෙස රුපියල් බිලියන 185.9ක් වෙන්කර තිබේ.

එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 28ක වැඩිවීමකි.

මෙවර විසර්ජන පනත් කෙටුම්පතින් මහාමාර්ග අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 250.1ක් වන අතර ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම් වෙයි.

ඒ අනුව මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ මහාමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රුපියල් බිලියන 80කින් අඩුකර තිබේ.

ලබන වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 127.6කි.

ඒ අනුව මෙම වසරට සාපේක්ෂව ලබන වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රුපියල් බිලියන 1.1 කින් ඉහළ දමා තිබේ.

එමෙන්ම එලඹෙන වසර සඳහා ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 153.5කි.

එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 06ක පමණ අඩුවීමකි.

ලබන වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 243.9කි.

එය මෙම වසරට සාපේක්ෂව එම අමාත්‍යාංශ වැය ශීර්ෂයේ රුපියල් බිලියන 03ක වැඩිවීමකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට