header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
නාරාහේන්පිට අත් බෝම්බයේ සැකකරුට හිටපු LTTE සාමාජිකයෙක් පුහුණුව ලබාදී ඇතිබව හෙළිවෙයි
Sep 28, 202107:37 PM
නාරාහේන්පිට අත් බෝම්බයේ සැකකරුට හිටපු LTTE සාමාජිකයෙක් පුහුණුව ලබාදී ඇතිබව හෙළිවෙයි
Mobitel 1278

නාරාහේන්පිට ප්‍රසිද්ධ රෝහලක් තුළින් අත් බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අද (28) තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේය.

ඔහු ත්‍රිකුණාමලය උප්පුවේලිහි පදිංචි පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි.

රෝහලේ බෝම්බය තැබූ සැකකරු පවසා ඇත්තේ බෝම්බය ලබාදුන් එම පුද්ගලයා බෝම්බ තැබීම ගැන තමාට දින 6ක පුහුණුවක් ද ලබාදුන් බවය.

නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වැසිකිළියක තිබී අත් බෝම්බයක් සොයා ගැනුනේ පසුගිය 14 වනදා ය.

බෝම්බයේ ආරක්ෂක ඇණය ගලවා එය දැල්වෙන මදුරු දඟරයක අමුණා පුපුරායන ලෙස සකස්කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පළමු සැකකරු පාපොච්චාරණයකර තිබුණේ ඒ ගැන පොලිසියට දන්වා තෑගි මුදලක් ලබාගැනීමේ අරමුණින් තමා එම අත්බෝම්බය රෝහලේ තැබූ බවය.

කොළඹ විජේරාම මාවතේ අමාත්‍ය නිල නිවසක අලුත්වැඩියා කටයුත්තකට එක්වූ අවස්ථාවක එම නිවසේ තිබී එම බෝම්බය හමුවූ බවත් ඔහු පවසා තිබුණි.

නමුත් රාජ්‍ය බුද්ධි සේවය සහ කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තවත් කරුණක් හෙළිවී තිබේ.

ඒ, දරිද්‍රතාවයෙන් පෙළෙන මෙම සැකකරුගේ මුදල් අවශ්‍යතාව ප්‍රයෝජනයට ගෙන බෝම්බයක් පුපුරුවාහැරීමට තවත් පුද්ගලයෙකු උත්සාහකර ඇති බවය.

ඒ ඔස්සේ පළමු සැකකරුට අත් බෝම්බය ලබාදුන් බව පැවසෙන පුද්ගලයෙකු විමර්ශකයන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්, ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේම පදිංචි එම පුද්ගලයා සොයා අද මෙහෙයුමක් අරඹන්නේ රෝහලේ අත් බෝම්බය තැබූ තැනැත්තා ද සිය භාරයේ රඳවා ගනිමිනි.

ඒ අනුව විමර්ශකයන් විසින් එම සැකකරු අත්අඩංගුවට ගත්තේය.

එහිදී අනාවරණ වන්නේ 40 හැවිරිදි එම සැකකරු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවය.

ඔහු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සෘජු අධීක්ෂණය යටතේ තිබූ ඉම්රාන් පාණ්ඩියන් බලකායේ සේවයකර ඇති බවත් විමර්ශකයින් හෙළිකරගෙන තිබේ.

රෝහලේ බෝම්බය තැබූ පුද්ගලයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම පුද්ගලයා තමාට අත් බෝම්බය ලබාදී උප්පුවේලි ප්‍රදේශයේ හින්දු කෝවිලක් පිටුපස කැලෑබද භූමියකට තමාව රැගෙනගොස් අත් බෝම්බය ක්‍රියාත්මක කරන ආකාරය ගැන මූලික පුහුණුවක් ද ලබාදුන් බවය.

එම පුහුණුව දින 6ක් සිදු කළ බවත් එහිදී ගිනි අවිවල ඡායාරූප පෙන්වා ඒ පිළිබඳව තොරතුරු රැසක් ද පැවසූ බවත් ඔහු පවසා තිබේ.

එලෙස මුලික පුහුණුවක් ලබාදුන් බව පැවසෙන භූමිය පිළිබඳව ඔහු අද විමර්ශකයින් ට තොරතුරු ලබාදුනි.

කෙසේ වෙතත් මෙම ප්‍රධාන සැකකරුට අත්බෝම්බය ලබාදුන්නේ අද අත්අඩංගුවට ගත් පුද්ගලයාමද, නැතහොත් සැකකරු පෙර ප්‍රකාශ කළ පරිදි අමාත්‍යවරයෙකුගේ නිවසින් මෙම බෝම්බය ලබාගත්තේද යන්න සම්බන්ධයෙන් විමර්ශකයින් වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ