header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
දේපළ තණ්හාවට සිදුකළ අමානුෂික ඝාතනයේ සුල මුල හෙළිවෙයි
Sep 27, 202107:09 PM
දේපළ තණ්හාවට සිදුකළ අමානුෂික ඝාතනයේ සුල මුල හෙළිවෙයි
Mobitel 1278

රුපියල් කෝටි පනහකට අධික දේපළ ලබාගැනීම සඳහා ඉංජිනේරුවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක සුලමුල අනාවරණ කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වී තිබේ.

වසර තුනකට පෙර එසේ ඝාතනය කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර විසිපහක් පමණ වරලත් ඉංජිනේරුවෙකු ලෙස මෙන්ම ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරුවරයෙකු ලෙස ද කටයුතු කළ පුද්ගලයෙකි.

වීරබද්ධරාලලාගේ සමන් විජේසිරි නමැති 63 හැවිරිදි එම ඉංජිනේරුවරයා, හලාවත කාකපල්ලිය ඉදිගොඩවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

සමන් විජේසිරි මහතා එක්වරම අතුරුදන්ව ඇති බවට වාර්තා වී තිබුණේ මීට වසර 3කට පෙර එනම් 2018 දීය.

ඒ පිළිබඳ පළමු පැමිණිල්ල ඉදිරිපත් වී ඇත්තේ හලාවත පොලීසියටය.

පසුව සමන් විජේසිරි මහතාගේ ඥාතියෙකු පරීක්ෂණ නිසිලෙස සිදුනොවන බවට පොලිස් කොමිසමට පැමිණිලිකර තිබුණි.

ඒ අනුව, 2020 වසරේදී මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ බව වාර්තා විය.

ඒ අනුව එහි විමර්ශනය භාරදී ඇත්තේ මෑතකදී ආරම්භ කෙරුණු මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය වෙතට ය.

මෙම ඉංජිනේරුවරයා ඝාතනයකර ඇති බව එම ඒකකයේ විමර්ශන මගින් මුල්වරට අනාවරණ කර ගැනීමට සමත්වී තිබුණි.

එම ඉංජිනේරුවරයාව ඝාතනය කර කලපුවක සඟවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විමර්ශනයකින් පසුව අත්අඩංගුවටගත් තිදෙනෙකු පසුගිය සතියේ කළ පාපොච්චාරණයක් කර තිබේ.

අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු වන පේරාචි ලින්කන් නමැත්තා ඉතාලියේ සිට පැමිණ ව්‍යාපාරිකයෙකු ලෙස මෙරට කටයුතු කරන අයෙකි.

දෙවැනි සැකකරු වන රුවන් චන්දන ද ව්‍යාපාරිකයෙකි.

නිහාල් දේවප්‍රිය නමැති තුන්වැනි සැකකරු මියගිය අයගේ ඥාතියෙක් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම සැකකරුවන් 2018 ඔක්තෝබර් 12වැනිදා සමන් විජේසිරි නමැති ඉංජිනේරුවරයා ව පැහැරගෙන ගොස් ඝාතනය කර හලාවත කලපුවේ සඟවා ඇති බව අනාවරණ වී තිබේ.

සමන් විජේසිරි මහතා ජපන් කාන්තාවක සමග විවාහ වී පසුව දික්කසාද වී සිටි අයෙකි.

දේපළ පැවරීමට දරුවන් නොමැති හේතුවෙන් දරුකමට හදාගත් අයෙකුට දේපළ ලියාදීමට සූදානම්වීමත් සමග මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

සමන් විජේසිරිගේ ඝාතනයෙන් පසු සැකකරුවන් නීතිඥවරයෙකුගේ සහායෙන් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයකින් ප්‍රධාන සැකකරුගේ නමට දේපළ ලියාගෙන ඇති බවද අනාවරණය විය.

එම ව්‍යාජ ඇටෝනි බලපත්‍රය මගින් සියලු දේපළ විකිණීමට ප්‍රධාන සැකකරුට බලය පවරාගෙන තිබූ බව පරීක්ෂණ මගින් අනාවරණය විය.

ඝාතනයට ලක්වූ අය විදෙස් ගතවූ බව හැඟවීමට 2019 මැයි 28වැනිදා UL 225 යානයෙන් ඔහු විදෙස්ගතව ඇති බවට කටුනායක ගුවන්තොටුපොළේ දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත්කර ඇති බව අනාවරණ වී තිබුණි.

ආගමන විගමන නිලධාරියෙකුට රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් ලබාදෙමින් එසේ දත්ත ඇතුළත් කර ඇති බව සොයා ගැනුණි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආගමන නිලධාරීයා, නීතිඥයා ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර කලපුවට දැමූ බව කියන දේහයේ කොටස් සෙවීමටද විමර්ශන ආරම්භකර ඇති බව වාර්තා විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

 ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම හෙල්ලූ අපේ රුමේෂ් කිරුළු රැගෙන දිවයිනට

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

ලෝකයම මෙල්ල කළ රුමේෂ්ගේ මීළඟ ඉලක්කය | Ada Derana

 දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

දෛවයේ සරදමකට පාතාලයේ ගොදුරක් වූ පුංචි පැටවුන්...| ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ වර්ණයත් වෙනස් කරලා...

 අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අස්ගිරිය රත්කළ විරෝධය... විරෝධතාකරුවන්ගෙන් පොලීසියටත් බාධා

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

අගමැති හරිනි රජයේ අරමුණ පහදමින් කළ ආරාධනාව...

 රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

රටක් හඬවමින් ආදරණීයයන්ගේ කරමතින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

Lassana Flora
Spotlight
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට