header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ඔක්තෝබර් පාසල් ඇරඹීමට සැලසුම්
Sep 25, 202106:48 PM
ඔක්තෝබර් පාසල් ඇරඹීමට සැලසුම්
Mobitel 1278

ඔක්තෝබර් මාසය අවසන්වීමට ප්‍රථම පාසල් විවෘත කිරීම පිළිබඳව විශ්වාසයක් තැබිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

අද දෙරණ "බිග් ෆෝකස්" වැඩසටහනට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

"ඔක්තෝබර් කියන එක සුබවාදීව හිතනවා. එහෙම වුණොත් දෙසැම්බර් මාසේ නිවාඩු දීමට අවශ්‍ය වෙන්නේ නෑ."

දැනට පවතින ගුරු ගැටලුව සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් පළ කළේය.

එහිදී අධ්‍යාපන ලේකම්වරයා ගුරුවරුන්ගෙන් ආයාචනයක් කරමින් සඳහන් කළේ,

"ලෝක ළමා දිනය ඔක්තෝබර් පළමු වෙනිදා. මැද තැනකට ඇවිල්ලා එන්න වැඩට. ඔබ නැතුව කවදාවත් අපිට මේක කරන්න බෑ. ඊට පස්සේ ගුරු දිනය 6 වනදා. ඒක කරේ නැත්නම්, ගුරු මෑණිවරුනි ගුරු පියවරුනි විදුහල්පතිවරුනි ලේකම්වරයා විදිහට මට වෙනවා කෙසේ හෝ පාසල් ටික පවත්වාගෙන යන්න."

මේ අතර කොවිඩ් -19 හමුවේ රටවල් ලොක්ඩවුන් කිරීම හේතුවෙන් පසුගිය මාස 18 තුළ ලොව පුරා සිටින පාසල් දරුවන්ට පැය ට්‍රිලියන 1.8ක් අහිමි වී ඇතැයි යුනිසෙෆ් ආයතනය අනාවරණ කරයි.

2020 මාර්තු මාසයේ මෙරට ඇතිවූ කොවිඩි - 19 පළමු වැනි රැල්ල හේතුවෙන් මෙරට පාසල් මාර්තු මස දෙවැනි සතියේ පළමු වරට වසාදැමුණි.

එම වසරේ අප්‍රේල්, මැයි, ජූනි, ජූලි යන මාස පුරා පාසල් වසා තැබුණු අතර නැවත අගෝස්තු මාසයේදී ආරම්භ කෙරුණත් යළිත් කොවිඩ් වෛරසය පැතිරීම නිසා ඔක්තෝබර් මාසයේ පාසල් වසා දමනු ලැබීය.

පසුව නොවැම්බර් අග සිට දෙසැම්බර් අග දක්වා පාසල් විවෘත කර තැබුණි.

ඒ අනුව 2020 වසරේ සිසුන් පාසල් ගොස් ඇත්තේ මාස තුනක් පමණි.

2021 ජනවාරි මාසයේ බස්නාහිර පළාතේ පාසල් හැර අනෙකුත් පළාත්වල පාසල් අරම්භ කෙරුණි.

මාර්තු මස අග සිට දිවයින පුරා නැවත පාසල් ආරම්භ කළත් කොවිඩ් පැතිරිම යළි වේගවත්වීම හේතුවෙන් අප්‍රේල් මස 27 වනදා සිට පාසල් නැවතත් වසා දැමුණි.

එතැන් සිට මේ දක්වා අඛණ්ඩව මාස 05 ක් පාසල් වසා තිබේ.

නමුත් බොහෝ පාසල් ළමුන්ට ඔන්ලයින් ක්‍රමවේදය යටතේ ඉගැන්වීම් ආරම්භ කළත් ගුරුවරයා ඉදිරිපිට අධ්‍යාපනය ලැබීම මෙන් එහි ප්‍රායෝගික සාර්ථකත්වයක් දක්නට නොලැබුණි.

එමෙන්ම ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම හා ගුරු විදුහල්පතිවරුන් දියත් කළ වැඩවර්ජනය හේතුවෙන්ද එය සාර්ථක කර ගැනීමට හැකි වුණේ නැත.

කෙසේවෙතත් මේ වනවිට ගුරු විදුහල්පති සහ පාසල් අනධ්‍යයන කාර්යමණ්ඩලවලින් සියයට 88 ක් පමණ එන්නත්කරණය සිදු කර ඇති අතර අවුරුදු 12 ට වැඩි පාසල් දරුවන්ද එන්නත්කරණය මේ වන විට ආරම්භ කරමින් පවතී.

කොවිඩ් හමුවේ ලොව සෑම රටකම පාසල් වසා දැමුණත් මේ වනවිට රටවල් 141 ක පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කර පවත්වාගෙන යන බව අනාවරණය වෙයි.

යුනිසෙෆ් ආයතනය පවසන්නේ කොවිඩ් -19 හේතුවෙන් පසුගිය මාස 18 තුළ ගෝලීය වශයෙන් ලක්ෂ 770 කට වැඩි දරුවන් පිරිසකට පාසල් සම්පූර්ණයෙන්ම වැසී තිබූ බවය.

මේ වනවිට යුනිසෙෆ් ලොව සියලු රටවලින් ඉල්ලා ඇත්තේ මෙය අනාගතයට ඇති කරන අහිතකර බලපෑම ප්‍රබල බැවින් හැකි ඉක්මනින් ආරක්ෂිත පියවර ගෙන පාසල් විවෘත කරන ලෙසය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

ලොවම වසඟයට ගත් රාවණා ඇල්ලේ සුන්දර දර්ශන පථය වැසූ පොලිස් බෝඩ් එක

 ''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

''22 ජනබලයෙන් පැරදිය යුතුයි'' සජිත්ගෙන් ප්‍රකාශයක්

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

හතර වටේටම කියපු නිපුණ ආරච්චි....අර්ච්චුනාවත් මතක් කරයි"අපි කලින්ම කිව්වා කෙඳිරිගාන්න එපා කියලා"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

බලෙන් ඉඩම් ඇල්ලු අයට‍ පොලිස් ඇමති සැරවෙයි "කිසිදු ඉඩමක් අවභාවිතා කරන්න දෙන්නෑ"

 දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

දුම්රිය වර්ජනය අසාර්ථක කළ හැටි කියපු නි.ඇමති.."දෛනික ගමන්වාර 256න් 187ක් ධාවනය කළා"

 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි