
මන්නාරම, ඉලුප්පකඩවෙයි ප්‍රදේශයේ 14 හැවිරිදි දරුවෙකු සිය නිවසේදීම ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ.
මව නිවසින් බැහැරව ගොස් සිටි අවස්ථාවේ දී නිවසේ පූජා කාමරය තුළ දරුවා එලෙස ගෙල වැලලාගෙන ඇති බව ඉලුප්පකඩවෙයි පොලීසිය පවසයි.
කිසියම් හේතුවක් මත තරුණයින් පිරිසක් පැමිණ දරුවාට බැණ වැදීමෙන් අනතුරුව දරුවා සියදිවි නසාගෙන ඇතැයි ප්‍රදේශවාසීන් පවසන බව "අද දෙරණ" වාර්තාකරු සඳහන් කරයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දරුවාගේ සිරුර මන්නාරම රෝහල වෙත යොමුකොට ඇත.
මේ සම්බන්ධයෙන් ඉලුප්පකඩවෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.







































