
කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙතෙක් නොලැබුණු ජනතාව අනියත බියක් ඇතිකර ගතයුතු නැති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 14ක් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවය.
"ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණික පත්‍රිකාවක් පළ කළා. එහි ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ඇස්ට්‍රාසෙනෙකා පළවෙනි මාත්‍රාව ලබාගෙන මාස 6ක් දක්වා කාලයක් තියෙනවා එහි දෙවන මාත්‍රාව ලබාගන්න කියලා. එහිදී කිසිදු ආකාරයට බල බිඳීමක් සිදුවන්නේ නැහැ. එතකොට ලංකාවේ පෙබරවාරි 15න් පස්සේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළවෙනි මාත්‍රාව ලබාගත් අය තමයි ඉන්නේ. ඔවුන්ගේ මාස 6 සම්පූර්ණවීම සිදුවෙලා නෑ. ඉදිරි දින කිහිපයේදී ජපාන රජය මගින් අපිට පරිත්‍යාගයක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 14 ලක්ෂ 70,000ක් ලැබීමට නියමිතයි."





















































