
තම එන්නත්කරණ ක්‍රමවේදය වෙනස් කිරීමට තායිලන්තය තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් චීන සිනොවැක් එන්නත සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මිශ්‍රකර ලබාදීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
එරට බලධාරීන් එම තීරණය ගෙන ඇත්තේ සිනොවැක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පිරිසකට කොවිඩ් වෛරසය වැලඳී තිබීම හේතුවෙනි.
සිනොවැක් මාත්‍රා දෙකක් වෙනුවට පළමු සිනොවැක් මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා ලබාදීමට ඔවුන් තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
එසේම මේ වනවිට සිනොවැක් මාත්‍රා දෙකක් ලබාදී ඇති සෞඛ්‍ය සේවකයින්ට තවත් මාත්‍රාවක් (Booster) ලබාදීමට නියමිතය.
එසේ බූස්ටර් මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා හෝ ෆයිසර් වැනි "එම් ආර්එන්ඒ" එන්නත් මාත්‍රාවක් දීමට හැකියාව තිබේ. දෙවැනි සිනොවැක් මාත්‍රාව ලබාදී සති 3කට හෝ 4කට පසුව එම බූස්ටර් මාත්‍රාව ලබාදීමට නියමතය.

















































