
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හබරණගම 15 කණුව ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි ගැට කිඹුලෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් විය.
දිගින් අඩි 08කට වඩා විශාල ගැට කිඹුලා නිවස වෙත පැමිණ තිබූ අයුරු නිවැසියන් විසින් දැක ඇත්තේ අද (27) අලුයම 5ට පමණය.
මැකිච්චියාව වැවේ ජලය සිදීයෑම හේතුවෙන් ජලය හා ආහාර සොයා කිඹුලා පැමිණෙන්නට ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
https://youtu.be/E5EO-yDV2M4

















































