
කොවිඩ් -19 වෛරසය ආසාදිත 796 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,518ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර, සති අන්තයේ රට වසා තැබීමේ බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත් පුද්ගල ඒකරාශිවීම් අවම කරමින් නිවෙස්වලම රැඳී සිටීමට පියවරගන්නා ලෙස යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දුනි.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනයට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ව දැනුවත්කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් යුද හමුදාපතිවරයා ඒ බව පැවසීය.
කෙසේ වෙතත් කොවිඩ් -19 වාර්තාවීම අනුව අදාළ ප්‍රදේශ පමණක් වසාතැබීමට පියවර ගන්නා බව ඔහු කීය.
එම මාධ්‍ය හමුවට එක්වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉල්ලා සිටියේ සති අන්තය තුළ සංවිධානයකර ඇති විනෝද චාරිකා මෙන්ම ආගමික වැඩසටහන් ද නවතා දමන ලෙස අදාළ පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බවය.


















































