
ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ සමත්විය.
ඔහු බිඳ හෙලුවේ මීට පෙර එංගලන්තයේ කොලින් ජැක්සන් පිහිටුවා තිබු වාර්තාවකි.
ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී පැවැත්වේ.
එහිදී මීටර 60 කඩුලු මතින් දීවිමේ තරග ඉසව්ව තත්පර 7.2 9කින් අවසන් කළ අමෙරිකාවේ ග්‍රාන්ට් හොලොවේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
මීට පෙර මීටර 60 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 7.3 0කින් නිම කළ කොලින් ජැක්සන්ට එම වාර්තාව හිමිව තිබුණි.
කොලින් ජැක්සන් ඒම වාර්තාව පිහිටුවා තිබුණේ 1994 වසරේ වන අතර ඒ අනුව ග්‍රාන්ට් හොලොවේ ඊයේ බිඳ හෙලුවේ වසර 27ක් පැරණි වාර්තාවකි.

















































