
අමාත්‍ය විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුව වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.
එහි කරුණු 23ක් අඩංගු අතර එම කරුණු පහත ආකාරයට බෙදා ඇත.
01 කුමණ හේතුවක් නිසා හෝ නව ව්‍යවස්ථාවට ඇතුළු නොකළ යුතු දේ
02 නව ව්‍යවස්ථාවට අනිවාර්යයෙන්ම ඇතුළත් කළයුතු දේ
03 පවතින ව්‍යවස්ථාවෙන් ගතයුතු දේ සහ නොගතයුතු දේ මෙන්ම නිවැරදි වියයුතු දේ
04 විධායක ජනාධිපති ක්‍රමය සහ ඡන්ද ක්‍රමය පිළිබඳ මතය
05 ඓතිහාසික වැරදි නිවැරදි කිරීම
ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු අතර මහජනයාට වගවිය යුතු බවය.
එසේම ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් ලබාගන්නා කොට්ඨාස ප්‍රමාණය අනුව පත්විය යුතු අතර දිස්ත්‍රික්ක කොට්ඨාස හෝ විද්‍යාල ප්‍රමාණය ජනගහනයේ ප්‍රමාණය සහ ප්‍රතිශතය අනුව (අමෙරිකානු ක්‍රමයට සමාන ක්‍රමයක්) තීරණය වියයුතු බවද එම පක්ෂය පවසයි.
එසේම ඔවුන් තවදුරටත් යෝජනා කර ඇත්තේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක පැවැත්විය යුතු බවය.

















































