
රටේ විවිධ ස්ථානවල මහමඟ කොවිඩ් ආසාදිතයින් මියයන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පුද්ගලයින් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, මේ වන විට කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වන අතර, එක් අවස්ථාවක දී පමණක් එක් පුද්ගලයෙක් මහමඟ මියගොස් සිටි බවය.
“ලංකාවේ මේ වන විට කෝවිඩ් මරණ සිදුව තිබෙනවා. එකම එක අවස්ථාවක පමණක් යාචකයෙක් මහා මාර්ගයේ දී මියගියා කෝවිඩ් ආසාදිත තත්ත්වයෙන්. ඒ ඔහු යාචකයෙක් නිසයි එලෙස කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මියගියේ. නමුත් විවිධ මාධ්‍යවල, වෙබ් අඩවිවල රටේ විවිධ තැන්වල මහාමාර්ගයේ කොවිඩ් ආසාදිතයින් මියයන බවට ප්‍රචාරය කරලා තිබ්බා. මේ ගැනත් අපි විමර්ශනයක් ආරම්භ කරනවා. මීට පෙර අවස්ථාවක දී පුද්ගලයින් 17 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට සිදුවුණා විවිධ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට අදාළව. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන, රටේ අපරාධ යුක්ති ක්‍රමයට අදාළ වන ආයතනවලට යම් ද්වේශයක් ඇති වෙන ප්‍රවෘත්ති තියෙනවා නම් එවැනි ප්‍රවෘත්ති බෙදාහැරිමෙන්, ශෙයා කිරීමෙන් එහෙම නැත්නම් ෆොවර්ඩ් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ගැන විමර්ශන ආරම්භ කර තිබෙනවා. එවැනි පුවත් බෙදාහැරිය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සළසුම් කර තිබෙනවා.“

















































