
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (23) වාර්තා වූ අතර එම ගණන 866කි.
ඒ අතරින් 865 දෙනෙකුම මිනුවන්ගොඩ හා පැළියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වීම විශේෂත්වයකි.
එම ආසාදිතයින් අතරින් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර බේරුවල ධීවර වරායෙන් 20 දෙනෙකු, ගාල්ල ධීවර වරායෙන් 5 දෙනෙකු, නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 48 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 257 දෙනෙකු ඊට අයත් වේ.
පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් වැල්ලම්පිටිය, මාකොළ, කොටහේන, බම්බලපිටිය, හෝකන්දර, මට්ටක්කුලිය,කොළොන්නාව, කැලණිය, පෑලියගොඩ, අංගොඩ, කොළඹ කොටුව, කඩවත, වත්තල, ගොතටුව, දෙමටගොඩ, ගලේවෙල, උස්වැටකෙයියාව, මතුගම, ග්‍රෑන්ඩ්පාස්, බුලත්සිංහල, අකුරැස්ස, මෝදර, මරදාන, මාලිගාවත්ත, නුගේගොඩ, මස්කෙලිය, කොල්ලුපිටිය, කොච්චිකඩේ, හෙයියන්තුඩුව, අලුත්කඩේ, ජා-ඇල, මොරටුව, කඩුවෙල, හලාවත, පස්සර, ඔරුගොඩවත්ත, ලුණුගම්වෙහෙර, වටාගොඩ, රාගම, අවිස්සාවේල්ල, පානදුර, මීගමුව, වෑබඩ, බොරැල්ල, ජින්තුපිටිය, දංකොටුව, බලපිටිය, ඉඹුල්ගොඩ, හෝමාගම, ගම්පොළ, ගල්කිස්ස, සීදූව, මාතර, ඌරුගමුව, තෙල්දෙණිය, බණ්ඩාරවෙල, කිරුලපන, හික්කඩුව, රාජගිරිය, ගෝනවල, හුණුපිටිය, බෙලිඅත්ත, පරගස්තොට, කළුතර, මත්තෙගොඩ, කිරිල්ලවල ඔලියමුල්ල, උඩුගම, බොගවන්තලාව, ඇටගොඩ, ඉමදූව, වව්නියාව, කුරුණෑගල, පල්ලෙවෙල, මහර, බත්තරමුල්ල, මාලඹේ මොනරාගල, නාවලපිටිය, සේදවත්ත, නාරාහේන්පිට, නාවල, මිනුවන්ගොඩ, දිවුලපිටිය, මීරිගම, දෙල්ගොඩ, කනවත්ත, උඩුපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මේ අනුව මිනුවන්ගොඩ හා පැළියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3682 දක්වා ඉහළ ගොස් තිබේ.





















































