
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි, ආචාර්ය හරිනි අමරසූරිය පත් කර තිබේ.
ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩලය විසින් එම තීරණය ගත් බව පක්ෂ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ඇය ජාතික ජන බලවේගයේ පාර්ශ්ව සංවිධානයක් වන ජාතික විද්වත් සංවිධානයේ (NIO) අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකාවකි.
එසේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරිය ලෙසද ඇය කටයුතු කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකාවක් ලෙසද ඇය කටයුතු කළාය.
එම තීරණය අද මැතිවරණ කොමිසම වෙත දැනුම් දුන් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
















































