
මෙරට තුළ සිදුවන පාතාල ක්‍රියාවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ දූෂණ සම්බන්ධයෙන් වාර්තා කළ අරුණ පුවත්පතේ මාධ්‍යවේදීන්ට මරණ තර්ජන එල්ල වී තිබේ.
පසුගියදා විදෙස් දුරකථන අංකයකින් ඇමතූ පුද්ගලයෙක් ඔවුන් ට තර්ජනය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඔවුන් පොලිස්පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කළ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔවුන් අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.
අදාළ කැඳවීම කර තිබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනි මැරුම් අංශය විසිනි.
මෙහිදී පැය පහ හමාරකට ආසන්න කාලයක් අරුණ පුවත්පතේ මාධ්‍යවේදීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.





















































