
ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පහරදීමකින් ඝාතනයට ලක්ව තිබේ.
ඊයේ (10) පස්වරුවේ මිරිහාන ප්‍රදේශයේ දී මෙම පහරදිම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
කල්බදු සමාගමකින් ත්‍රීරෝද රථයකින් නිදහස් කර ගැනිමට ගිය අවස්ථාවේ දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදිම සිදුව ඇති බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
අදාළ පහරදිම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
https://youtu.be/DNiRdanGfBU






































