
කටුනායක ගුවන්තොටුපලේ පවිත්‍රතා කටයුතු සිදුකරන පෞද්ගලික ආයතනයක සේවය කළ කාන්තාවක්ද කොවිඩ් 19 ආසාදිතයකු බව තහවුරු කරගැනුණි.
පසුව ඇය සමඟම සේවය කළ වරකාපොළ, නියදිරිපොල ප්‍රදේශයේ 42 හැවිරිදි කාන්තාවක් ඇයගේ නිවස තුලදීම ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.
කෙසේවෙතත් ඊයේ පස්වරුවේ එම කාන්තාවට කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඇයව IDH රෝහල වෙත යොමු කළ අතර ඇයට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට එහිදී තහවුරු වි ඇත.
ඇය පදිංචිව සිටි නිවස සහ අවට ප්‍රදේශය අද පෙරවරුවේ වරකාපොළ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් විශබීජහරණයට ලක් කරනු ලැබුවේය.







































