
මුඛ ආවරණ පැලදීමෙන් කොව්ඩ් 19 වෛරසය පැතිරවීම වැළැක්විමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව චෙක් ජනරජයේ වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සොයාගෙන තිබේ.
ඒ අතර අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයද පවසන්නේ වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා නිවසේ නිපදවු මුඛ ආවරණයක් හෝ පලදින ලෙසයි.
කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා සමාජ දුරස්ථකරණය ඇතිකිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් මාලාවක් නිකුත් කළේය.
ඊට අනුව ඔබ නිවසින් බැහැර යනවිට මුඛ ආවරණයක් පැළඳීම ඔබට යම් ආරක්ෂිතබවක් ගෙන දෙන බව ඔබ දැන සිටියද ?
චෙක් ජනරජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ පර්යේෂණවලට අනුව ඔබ මුඛ ආවරණයක් පැළඳුවහොත් ඔබේ කෙළ බිඳිතිවලින් සියයට 95කට වැඩි ප්‍රමාණයක් අන් අය වෙත මුදාහැරීම වැළැක්වෙයි.
රෝගී තත්ත්වයක් තිබුණද , නොතිබුණද එමගින් ඔබ ආරක්ෂා වනවා සේම ඔබ ආසාදිතයකු නම් ඔබෙන් තව අයකුට වෛරසය පැතිරයාමද වැළකෙනු ඇති.
මේ වන විට යුරෝපා කලාපයේ කොවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කරගෙන යන රටක් ලෙස චෙක් ජනරජය සැලකෙනවා.
චෙක් ජනරජය තුළ වෛරසය පැතිරයාම වැළැක්වීමට ප්‍රධාන පියවරක් ලෙස ඔවුන් සිදුකරන්නේ එරට ජනතාව අතර මුඛ ආවරණ පැළඳීම ප්‍රවර්ධනය කිරීමයි.
නිවස තුළදී සකස් කරගන්නා මුඛ ආවරණයක් ඔබ භාවිතයෙන්ද කොවිඩ් 19 වෛරසය පැතිරයාම පාලනය කරගත හැකි බවයි එරට සෞඛ්‍ය අංශ නිලධාරීන් පවසයි.
චෙක් විද්‍යා ඇකඩමිය ආචාර්ය වැල්ද්මිර් දිමාල් මහතා මේ බව පැවසීය.
“අපගේ වෘත්තිය අත්දැකීම් අනුව නිවසේ සාදාගනු ලබන සරල මුඛ ආවරණයක් භාවිතයෙන් 100% ක් දක්වා ප්‍රතිශතයකට ආසාදිතය ක්ෂුද්‍ර බිඳිති පැතිරයාම වළක්වාගත හැකියි. “
මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අද වන විට සිය පුරවැසියන්ට වෛරසය පැතිරවීම වැළැක්වීම සඳහා මුඛ ආවරණ පැළැඳිය යුතු බවට නිර්දේශ කර තිබේ.
මීට පෙර ඔවුන් නිර්දේශ කර තිබුණේ කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති අයට පමණක් මෙම මුඛ ආවරණය පළඳින ලෙසයි.
නමුත් අද වන විට එක්සත් ජනපදයේ කොවිඩ් 19 ව්‍යාප්තිය ශීඝ්‍රෙයන් ව්‍යාප්තවීමත් සමග එය වැළැක්විම සඳහා නිවසේදීම සාදන ලද මුඛ ආවරණයක් පළදින ලෙස අද නිර්දේශ කර තිබේ.





















































