header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධන කටයුතු ගැන විදේශ අමාත්‍යාංශය සොයා බලයි
Apr 03, 202005:56 PM
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධන කටයුතු ගැන විදේශ අමාත්‍යාංශය සොයා බලයි
Mobitel 1278

විදේශ සබඳතා අමාත්‍යාංශය, COVID-19 වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සහ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට ඇති නොහැකියාව මධ්‍යයේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සැලකිල්ලට බඳුන්වන කරුණු පිළිබඳව සංවේදී වෙමින්, ඉදිරි දිනවල දී ඔවුන් වෙත පැමිණිය හැකි ඕනෑම හදිසි අවශ්‍යතාවයක් සඳහා සූදානමින් යුතුව එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සඳහා පහසුකම් සැලසීම සඳහා, පසුගිය දින 2 තුළ දී ලොව වටා නගර 67 ක පිහිටි තම දූත මණ්ඩලවල ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

කලාපීය රටවල් කාණ්ඩ 5 ක (දකුණු ආසියාව, මැදපෙරදිග, අග්නිදිග ආසියාව හා නැගෙනහිර ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව මෙන්ම උතුරු ඇමරිකාව හා යුරෝපය) පිහිටි දූත මණ්ඩල/දූත කාර්යාලවල ප්‍රධානීන් සමඟ විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ටෙලි සම්මන්ත්‍රණ මාලාවක දී, COVID-19 ගෝලීය වසංගතය පිළිබඳව රජයේ ප්‍රතිපත්තිමය නියමයන්ට අනුකූලව එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

විදේශ අමාත්‍යාංශයේ COVID-19 ක්‍රියාමාර්ග පිළිබඳ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරන නැගෙනහිර ආසියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා, අතිරේක ලේකම්වරු, අදාළ කලාප භාර අධ්‍යක්ෂ ජනරාල්වරු සහ අමාත්‍යාංශයේ අදාළ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ජනරාල්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.වී. වන්සේකර මහතා ද ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් භාර ගන්නා රටවල් කෙරෙහි අවධානය යොමු කළ උපදේශන සමහරකට සහභාගී විය.

සමස්තයක් ලෙස ගත් කල, සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල, බොහෝ දුරට ‘නිවසේ සිට වැඩ කිරීමේ’ ක්‍රමය අනුගමනය කළ ද, ඔවුන් තම අදාළ ස්ථානවල සිටින ශිෂ්‍ය ප්‍රජාවන් සහ සංක්‍රමණික සේවකයින් සමඟ අඛණ්ඩ අන්තර් ක්‍රියාකාරිත්වයෙන් යුතුව කටයුතු කරමින් සිටින අතර, එම දූත මණ්ඩලවල කාර්ය මණ්ඩල වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන හදිසි දුරකථන ඇමතුම් මාර්ග ද පිහිටුවා තිබේ.

තම ස්ථානවල පිහිටුවා ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු අඩංගු දත්ත පාදක යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියක මෙම දූත මණ්ඩල යෙදී සිටින අතර, තොරතුරු හුවමාරු කර ගත හැකි සම්බන්ධතා පවත්වා ගෙන යාම සහ වැඩි දියුණු කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා ද යොදා ගැනේ.

මෙරට තුළ මෙම වෛරසයේ ව්‍යාප්තිය මැඩපවත්වා ගැනීමෙන් පසුව, ආපසු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වන ඉල්ලීම් පිළිබඳව සලකා බලන බව, මෙම කලාපවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් එම ප්‍රජාවන්හි සාමාජිකයින්ට සහ එතෙර ඉගෙනුම ලබන සිසුන් හට සහතික වී ඇත.

ශ්‍රී ලාංකික විදේශික ශ්‍රමිකයින් විශාල වශයෙන් ගොනු වී සිටින සත්කාරක රටවල් වන මැදපෙරදිග මෙන්ම අග්නිදිග ආසියාව, නැගෙනහිර ආසියාව, අප්‍රිකාව සහ දකුණු යුරෝපය යන කලාපවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල, හදිසි විදේශ ගමන් බලපත්‍ර, වීසා දීර්ඝ කිරීම් සහ රැකියා කොන්ත්‍රාත්තු සම්බන්ධ කරුණුවල දී අදාළ පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් සහ අවශ්‍ය පරිදි මැදිහත් වී අවසර ලබා ගැනීම මඟින් සහය වෙමින්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් සහ ප්‍රජා නියෝජිතයින් සමඟ අඛණ්ඩව ජාලගත වීම සඳහා දරන ප්‍රයත්න පිළිබඳව දන්වා සිටියහ.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සඳහා විශාලතම දායකත්වයක් ලබා දෙන මෙම වැදගත් සංක්‍රමණික ශ්‍රමික අංශයට සහාය වීමේ අවශ්‍යතාවය ඉස්මතු කරමින් මෙම අමාත්‍යාංශය අවධාරණය කළේ, වලංගු වීසා බලපත්‍ර නොමැති, රැකියා විරහිත මෙන්ම, ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයෙහි ලියාපදිංචිව නොමැති අයවලුන් ද ඇතුළුව ශ්‍රී ලාංකිකයන් රැකබලා ගැනීම හා යහපැවැත්ම සඳහා පහසුකම් සැලසීම එම දූත මණ්ඩල සහ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය විසින් කළ යුතු බවයි.

එම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ආපසු මෙරටට ගෙන්වා ගත හැකි අවස්ථාවක් එළඹෙන තෙක් ඔවුන්ට අවශ්‍ය සහය ලබා දීම සඳහා සමහර ශ්‍රී ලංකා දූත මණ්ඩල, රැකියා විරහිත පුද්ගලයින්ට සහාය වන දේශීය පුණ්‍යායතන, බඳවා ගැනීමේ නියෝජිත ආයතන, වෙනත් ප්‍රජා සංවිධාන, ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානය සහ කැරිටාස් වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ සමඟ සම්බන්ධ වී කටයුතු කරන බව මෙහි දී සඳහන් කෙරිණ.

සමහර මැද පෙරදිග රටවල් විසින් පොදු සමා කාලසීමාවන් ප්‍රකාශයට පත් කිරීම සහ එවැනි ක්‍රියාමාර්ගයන්හි පසු ප්‍රතිඵල පිළිබඳව ද මෙම ටෙලි සම්මන්ත්‍රණවල දී සාකච්ඡා විය.

ලොව පුරා රටවලට බඳවා ගනු ලැබ සිටින ශ්‍රී ලාංකික සිසුන් සම්බන්ධයෙන්, එම සිසුන්ට නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් සඳහා ප්‍රවේශය, ආහාර සහ වෛද්‍ය පහසුකම් අඛණ්ඩව ලැබෙන බව තහවුරු කිරීම සඳහා, බටහිර රටවල් ඇතුළු බොහෝ රටවල පිහිටි දූත මණ්ඩල, එම විශ්වවිද්‍යාලවල පරිපාලනය හා ශිෂ්‍ය ප්‍රජාවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බව වාර්තා කොට ඇත.

වීසා බලපත්‍ර අහෝසි වන සිසුන්ට මෙන්ම, අනෙකුත් පදිංචිකරුවන්ට සහ විදේශගතව සිටින අයට ද වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා ද මෙම දූත මණ්ඩල ප්‍රයත්න දරමින් සිටී. මැයි 12 වැනි දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් 15,000 කට අධික පිරිසකට, මෙම ගෝලීය වසංගතය හේතු කොට ගෙන මෙම සහනය ලබා දී තිබේ.

ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන්, මෙම අස්ථාවර කාල පරිච්ඡේදය තුළ දී මෙම අමාත්‍යාංශය අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට දිගු කාලීනව නැවත ස්ථානගත වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා සිය දූත මණ්ඩල ජාලය හරහා කටයුතු කරමින් සිටී. මේ සම්බන්ධයෙන්, මෙම දූත මණ්ඩල ජාලය වෙළඳපොළ තොරතුරු ලබා ගැනීමට සහ අපගේ ප්‍රධාන අපනයන මූලාශ්‍ර රටවල් සඳහා සැපයුම් අංශයේ පවතින බාධකවලට අදාළ ගැටලු විසඳීමට අපනයන සංවර්ධන මණ්ඩලයට සහාය වේ. දැනට පවත්නා නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවට ඇති නව අවස්ථා පිළිබඳව සොයා බැලීම මෙන්ම COVID-19 වසංගත තත්වයට අදාළ අවශ්‍යතා ද මෙයට ඇතුළත් ය.

ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රජයට හදිසි අවශ්‍යතාවයක්ව පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ එක් රජයකින් තවත් රජයකට මිලදී ගැනීමේ පටිපාටියට අනුව ප්‍රසම්පාදනය සම්බන්ධීකරණය කිරීම සඳහා ඇතැම් දූත මණ්ඩල විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම අමාත්‍යාංශය අවධානය යොමු කළේය. මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පරීක්ෂණ කට්ටල සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා පවතින අවස්ථා පිළිබඳව සොයා බලන ලෙස ද මෙම දූත මණ්ඩලවලින් තවදුරටත් ඉල්ලා සිටින ලදී.

මේ අතර, 2020 මාර්තු 26 වැනි දින විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් දියත් කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ නව මාර්ගගත වෙබ් ද්වාරය තුළ මේ දක්වා විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් 45,770 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් මැද පෙරදිග සිටින්නන් වෙති. විමසීම් 1,955 ක් ද මෙම ද්වාරය වෙත යොමු කරනු ලැබ ඒවාට පිළිතුරු සපයා තිබීම ද සැලකිය යුතු කරුණකි.

එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට මෙම අමාත්‍යංශය සහ එහි දූත මණ්ඩල වෙත සිය අදහස් හා සැලකිළිමත් වන කරුණු ප්‍රකාශ කිරීම සඳහා මෙම ද්වාරය සෘජු අතුරු මුහුණතක් වන අතර, එය විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව නිර්මාණය කරන ලද්දකි. මෙම වෙබ් සබැඳිය මෙම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.mfa.gov.lk මත පිහිටුවා ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk මඟින් ද ඊට පිවිසිය හැකිය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ