header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දෙමු-මහ බැංකු අධිපති
Apr 03, 202004:34 PM
කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දෙමු-මහ බැංකු අධිපති
Mobitel 1278

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අනපේක්ෂිත වාතාවරණය තුළ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ඉවහල්වන අයුරින් ආර්ථිකය, බැංකු ක්‍රමය, වෙළෙඳාම වැනි අතිශය වැදගත් ක්ෂේත්‍ර ක්‍රියාත්මක වන්නේ කෙසේ ද, ඒ සඳහා අනුගමනය කෙරෙන ක්‍රියාමාර්ග මොනවාද යන්න පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිඛිත ප්‍රකාශයක් කර තිබේ.

එය පහත පරිද වේ,

"කොරෝනා වෛරසය හෙවත් COVID-19 ලොව පුරා පැතිරයාම හා පසුගිය මාසය තුළ එය ලංකාවට පැතිර ඒම පදනම් කොට ගෙන ඇතිව තිබෙන තත්ත්වයන් අතිශයින් නුහුරු නුපුරුදු විදියේ, සාමාන්‍ය තත්ත්වයන්ගෙන් ඈත් වුණු අතිවිශේෂ තත්ත්වයන්.

දුෂ්කර සහ අතිශයින් සංකීර්ණ ප්‍රශ්න මතුකර ඇති කාලයක්. අසාමාන්‍ය තත්ත්වයන් යටතේ පවතින මෙකී දුෂ්කර ප්‍රශ්නවලට පිළිතුරුදීමට සිදුවන්නේ ද සාමාන්‍ය නොවන ආකාරයට සිතා මතා ක්‍රියා කිරීමෙනි.

මේ අනුව සෞඛ්‍ය ප්‍රශ්න, මානුෂීය හා සමාජයීය ප්‍රශ්න, හදිසි අවස්ථා ප්‍රශ්න, මානව සුරක්ෂිතතා ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න යනාදිය සම්බන්ධව ක්‍රියාත්මක වන මුළු ආයතනික පද්ධතියම මේ අවස්ථාවට උචිත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්පාදනය කරමින්, ඒවා අත්හදා බලමින් හා අඩුපාඩු නිවැරදි කර ගනිමින් ක්‍රියාත්මක කරමින් සිටින කාලයක්.

මෙම අර්බුදකාරී තත්ත්වයන්හි වඩාත්ම කැපී පෙනෙන්නා වූත්, ක්ෂණික සහ හදිසි පිළියම් අවශ්‍ය වන්නා වූත් ප්‍රශ්න වනුයේ පුළුල් වශයෙන් මානවවාදී හා මානව සුබසාධන ගණයට වැටෙන ප්‍රශ්නයි. පැතිර යන වෛරසය ප්‍රශ්නයට සහමුලින් යට නොවී, කෙටි කලකින් එයින් මිදීම සදහා සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව එක්තරා නිරෝධායන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට ඇත.

රටේ සමහර කොටස්වල විශේෂයෙන් ජනයා බහුලව වෙසෙන දිස්ත්‍රික්ක කිහිපයක, නොකඩවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර රටේ ඉතිරි දිස්ත්‍රික්කවල කඩින් කඩ ඇඳිරි නීති තත්ත්ව ක්‍රියාත්මක වෙයි. සමාජ සත්වයකු හැටියට හුරු පුරුදු සමාජයීය ජීවිත ගතකිරීම මිනිසා වළක්වා ඇත.

මෙම සමාජ දුරස්ථකරණය, මිනිස් පැවැත්ම පිළිබද ප්‍රශ්න මතුකර ඇත. මිනිසුන්ට රැකියාවලට යාමට අවසර නැත. සමහර ආයතන වැසී යාම නිසා රැකියා නැතිව ගොස් ඇත.

එදිනෙදා යම් රැකියාවක් කොට ජීවිකාව සපයාගත් අයට විශේෂ වශයෙනුත්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැසීයාමෙන් හා ස්වයං රැකියා නැතිවීමෙන් රැකියා අහිමි වූ සියලුදෙනාට සාමාන්‍ය වශයෙනුත් ජීවත්වීමට ආදායමක් නැති ඛේදනීය හා බියකරු තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇත.

ආදායම් නැති / අඩු අයට විශේෂයෙනුත්, මුදල් ළග ඇති අයත් ඇතුළුව අන් සියලුදෙනාට සාමාන්‍ය වශයෙනුත්, කෑම බීම සොයා ගැනීම ප්‍රශ්නයක්ව ඇත. මෙකී නොකී සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව විසඳුම් බලපොරොත්තු වන්නේ මූලික වශයෙන් රජයෙනි, ආණ්ඩුවෙනි.

එහිලා ආණ්ඩුව, පෞද්ගලික අංශයත්, වෙළෙදපොළවලුත් උදව් කරගෙන මෙම ප්‍රශ්නවලට විසඳුම් ලබාදී සාමාන්‍ය ජනයාගේ බර ලිහිල් කර දීමටත් අර්බුදය කෙළවර වූ පසු ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.

ශ්‍රී ලංකා රජය ලෝකයේ අපිට වඩා දියුණු යැයි කියා ගන්නා රටවලට ද වඩා හොදින් මෙම කර්තව්‍යයන් වගකීමෙන් යුතුව භාරගෙන, ලෝක සමාජයේ ප්‍රසාදයටත් ලක් වෙමින් ක්‍රියාකරමින් ඇත. රජයේ දේශපාලන බලධාරිනුත්, පරිපාලන, පොලිස්, හමුදා යනාදී රාජ්‍ය සේවාත්, ශ්‍රී ලංකා මහ බැංකුවත්, රාජ්‍ය අංශයේ අවශේෂ ආයතන පද්ධතියත් මෙහිදී නායකත්වය ගෙන කටයුතු කරමින් සිටි.

මහබැංකු ප්‍රධානියා හැටියට පසුගිය දිනවල මම මේ සම්බන්ධයෙන් මහබැංකුව පැත්තෙන් ගත් ක්‍රියාමාර්ග සාරාංශ කරන්නම්.

බැංකු ණය ලබා කටයුතු කරමින් සිටි ව්‍යාපාරිකයන් මෙන්ම පුද්ගලික ණය ගත් අය, විශේෂයෙන් කුඩා හා මධ්‍ය තරමේ ව්‍යාපාරිකයන් වෙනුවෙන්, ණය වාරික ආපසු ගෙවීම්, අදාළ කාලය සඳහා නැවැත්වීම (moratorium)

අලුත් වැඩ ප්‍රාග්ධන (Working Capital) ණය ව්‍යාපාරිකයන්ට - 4% පොළියට මහ බැංකු ප්‍රති මූල්‍යන ක්‍රම යටතේ ලබාදීමට කටයුතු කිරීම.

වෛරස් ප්‍රශ්නය නිසා පීඩාවට පත් විවිධ කොටස්වලට පිහිට වීම අරභයා රජය යෝජනා කොට ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් සඳහා ආණ්ඩුවට භාණ්ඩාගාර බිල්පත්/ සුරැකුම්පත් යටතේ මුදල් ලබාදීම - බිලියන 100ක් පමණ අවස්ථා දෙකකදී දැනට ලබා දී ඇත.

පොළී අඩු කිරීම, සංචිත අනුපාත අඩු කිරීම ආදී ක්‍රම මඟින් ජනයාට බැංකු ණය පහසුකම් වැඩිකරදීමට බැංකු හා මූල්‍ය ආයතනවලට පහසුකම් සලසා දීම.

මේ කාලය තුළ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශවලට අනුව මහජනයා සඳහා අවම බැංකු සේවා සපයාදීම සඳහා අවශ්‍ය බොහෝ කටයුතු බැංකු සමග එකතු වී ක්‍රියාත්මක කිරීම.

ආනයන සීමා කිරීම හරහා සිදුවෙතැයි අපේක්ෂා කරන ගෙවුම් ශේෂය හා විදේශීය වත්කම් පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීම හා එමගින් ආනයන වෙනුවට දේශීය නිෂ්පාදන කටයුතු ප්‍රවර්ධනය දිරිගැන්වීම.

වාණිජ බැංකු හා වෙනත් මූල්‍ය ව්‍යාපාර හරහා මහජනයාට පිහිට වීම හා ව්‍යාපාර වලට උදව් වීම සඳහා පොලී අනුපාතික පහළ දැමීමටත් බැංකු ක්‍රමයේ ද්‍රවශිලතා තත්වයන් වැඩිදියුණු කිරීමටත් කටයුතු කිරීම.

මහ බැංකුව බැංකු පරීක්ෂණ කටයුතුවලදී අදාළ කරගනු ලබන යම් යම් කොන්දේසි ලිහිල් කොට බැංකුවලට තමන් සතු වත්කම් පදනම් කොට දිය හැකි ණය ප්‍රමාණය ඉහළ නැංවීම.

(මහ බැංකුව පසුගිය සති කිහිපය තුළ ගත් සියලු පියවර පිළිබඳ විස්තර කරමින් 2020 සඳහා නිකුත් කළ මහ බැංකු චක්‍රලේඛ 4ක් මහ බැංකුවේ වෙබ් අඩවියෙහි ඇත.)

මහජනයා ගනුදෙනු කරන්නේ වාණිජ බැංකු, ඉතුරුම් බැංකු, මුදල් සමාගම් ආදිය සමගයි. එම ආයතනවලට දෙන උපදෙස් හා නිර්දේශ හරහායි සාමාන්‍යයෙන් මහ බැංකුව සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. පසුගිය කාලයෙහි අපි ලෝකයේම මහ බැංකුවලට හුරුපුරුදු විධිවලටම ක්‍රියා කරන්නට යන්නේ නැතුව, පවත්නා විශේෂ තත්ත්වයට ගැලපෙන පරිදි කටයුතු කර තිබෙනවා.

මහ බැංකුව හා මහජනයා ගනුදෙනු කරන මූල්‍ය ආයතන අතර සම්බන්ධතා සම්බන්ධයෙන් ලොව පුරා පවත්නා එක් ප්‍රශ්නයක් තමයි මහ බැංකුව කරන දේ අනිකුත් මූල්‍ය ආයතනවලට සන්නිවේදනය වී, මහජනයාට දැනෙන පරිදි මහ බැංකුව කියන දේ ක්‍රියාත්මක කිරීමට යන කාල පමාව (Transmission delays). මෙම ප්‍රශ්නය අපේ රටේත් තිබෙනවා. ඒ පිළිබඳ පැමිණිලි චෝදනා මේ දිනවල බොහෝයි.

මා බැංකුවලින් ඉල්ලා සිටින්නේ, පවත්නා තත්ත්වයේ විශේෂත්වය සලකා එයින් දුෂ්කරතාවලට මුහුණ දී සිටින පහළ ස්ථරවල ව්‍යාපාර හා මහජනයා වෙනුවෙන් මහ බැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන ලෙසයි. දිගින් දිගට මේ යුතුකම් පැහැර හරින බැංකුවලට එරෙහිව අදාළ නීති රීති යටතේ කටයුතු කිරීමට මහ බැංකුවට සිදු නොවන පරිදි ක්‍රියා කරන සේ මා එම බැංකු ආයතනවලින් ඉල්ලා සිටිනවා.

රටේ අවශේෂ රාජ්‍ය ආයතන සමග, මහ බැංකුව ගන්නා ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හුදෙක් වර්තමාන තත්ත්වයන්ම අරමුණු කොට ගන්නා ක්‍රියාමාර්ග නෙවෙයි. කොරෝනා වෛරසයට පසුව එන කාලය ගැන අප නිතර කල්පනා කරමිනුයි ක්‍රියා කරන්නේ. මෙවැනි දුෂ්කර කාල විටින් විට එනවා. ඒවා ස්ථිරවම දිගටම පවතින්නේ නැහැ. ඒවා කාලයත් සමග (මෙම කොරෝනා වෛරස් තත්ත්වය නම් මාස 2කින් පමණ) ගෙවී යනු ඇත. එහෙත් මිනිසුන් හා ආයතන දිගටම ක්‍රියා කළ යුතුයි. ඒ ගැන අපි අපේ ප්‍රතිපත්ති වලදී නිතර සිතා මතායි ක්‍රියා කරන්නේ.

අතීතයේ අප දැක ඇති පරිදි, අසා ඇති පරිදි, එසේම ඉතිහාසයේ කියවා ඇති පරිදි අර්බුද තත්ත්වයන්ගෙන් ගොඩ එන ජනයා සාමාන්‍යයෙන් දැඩි ජවයකින් හා වේගයකින් සාමාන්‍ය තත්ත්වය නැවත ඒමත් සමග ක්‍රියාත්මක වෙනවා. ලංකාවේද අපි මෙය නිතර දැක තියෙනවා. ඒ බව දැන දැනයි අපි ආර්ථිකය හා සමාජයත්, විශේෂයෙන්ම එහි සිටින ව්‍යාපාර පන්තියත් වැඩ කරන මිනිසුනුත් මෙම අර්බුදයෙන් ධෛර්යය සුන් කර ගත් බලාපොරොත්තු විරහිත තත්ත්වයකට පත් වන්නට දෙන්නේ නැතුව ඔවුන් උස්සා තැබීමට කටයුතු කරන්නේ.

ඒ නිසා COVID – 19 ට පසු තත්ත්වයන් හා ඒ පිළිබඳව කළ යුතු දේ අප සිත්හි නිතරම පවතිනවා. ඉදිරිය ගැන විශාල විශ්වාසයක් පවතිනවා. මෙහිදී මට අවශ්‍ය වන්නේ රටේ මුළු මූල්‍ය පද්ධතියම මෙම විශ්වාසය තුළට ගෙන, එකමුතුව, රට පවත්නා තත්ත්වයෙන් ගොඩ ගෙන ඉහළ සංවර්ධන තලයකට නොබෝ දිනකින් ගෙන ඒමටයි.

ඒ පිළිබඳ ප්‍රතිපත්ති අප සතුව තිබෙන බවත්, ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි බවට විශ්වාසයක් පවතින බවත් මා තරයේ කීමට කැමැතියි.

මා හැමෝටම අවධාරණයෙන් කීමට කැමතියි, මහ බැංකුව අවශේෂ රාජ්‍ය අධිකාරීන් සමග සහයෝගීව, ආර්ථිකය හා මූල්‍ය ක්‍රම පිළිබඳ සෙවිල්ලෙන් පරීක්ෂාකාරීව සිටින බව.

මූල්‍ය වෙළඳපොළ හා සාර්ව ආර්ථික තත්ත්වයන් පරිණාමය වන අන්දම ගැන අප පරීක්ෂාවෙන් ඉන්නේ. මගේ අවසාන පණිඩුවය අභියෝග හා දුෂ්කරතා මැද්දේ වුවත් මහ බැංකුව සිටිනුයේ එක්තරා සුභවාදී දර්ශනයක් බවයි.

සාර්ව ආර්ථික කාරණා පහසුවෙන් හැඩ ගන්වා ගෙන අපට මෙම අර්බුද තත්ත්වයට පසු කාලය මෙහෙයවා ගත හැකියි. රටේ උද්ධමන තත්ත්වයන්හි කලබල වීමට තරම් පසුබිමක් නැහැ.

ක්‍රමයෙන් විසඳා ගත හැකි ප්‍රශ්න ඇතත් මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය පිළිබඳ බරපතල ප්‍රශ්න නැහැ. COVID – 19 අප පසුකර යනු ඇත. ඉන් පසුව එන කාලයට ධෛර්යයෙන් හා විශ්වාසයෙන් මුහුණ දෙමුයි යන්නයි මගේ පණිවුඩය."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ