
අමෙරිකාවේ තියඩෝර් රූස්ට්වෙල් නෞකාවේ සිටින නාවික භටයින් ගුවාම් දූපතේ නිරෝධායනය සඳහා යොමු කිරිමට තීරණය කර තිබේ.
මේ වන විට එම නෞකාවේ සිටින නාවිකයින් 93 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බව නාවික හමුදාව පවසයි.
4800ක් පමණ වන නෞකාවේ සිටින පිරිසෙන් 1200ක් ඉක්මවූ කාර්යය මණ්ඩල සාමාජිකයින් දැනට පරික්ෂාවට ලක් කර තිබේ.
තවත් බොහෝ නාවිකයින් පිරිසක් පරික්ෂණ සඳහා මුහුණදීම නියමිතයි.
අදාල නෞකාවේ සිටින නාවිකයින් 1000ක් පමණ ඉන් ඉවත් කරගුවාම් හි නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තා වේ.
ඉදිරි දින කිහිපය තුළ තවත් 2700ක් පමණ ඉවත් කිරිමට නියමිතයි.
නැව තුල තවත් 1500ක පමණ පිරිසක් රඳවා තබන බව ආරක්ෂක අංශ පවසයි.





















































