
කොරොනා වෛරසය ව්‍යාප්ති වීම වැළැක්වීම සඳහා 2020.03.20 වනදිනසවස 06 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවු පසු අද (03) වනද තෙක් පුද්ගලයින් 11019ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම මේ වන විට රථ වාහන 2727 ක් පොලිස් භාරයට ගෙන ඇත.
එමනේම අද දින උදැසන 06 සිට මධ්‍යාහන 12 දක්වා ගත වු පැය 6ක කාලය තුල පුද්ගලයින් 289ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රථවාහන 70ක් පොලිස් භාරයට ගෙන ඇත.





















































