
නව කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිර්දේශ කර ඇති රෙගුලාසි බරපතල මට්ටමින් උල්ලංඝණය කරන පුද්ගලයන් වසර හතක කාලයකට බන්ධනාගාරගත කිරීමට බලය ලැබෙන නීති පද්ධතියකට රුසියාවේ පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබුණි.
චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිර ගිය නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් සහ කලාප 204 ක පැතිර ගොස් ඇති අතර ලොව පුරා මරණ සංඛ්‍යාව 53 000 කට අධිකයි.
හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව මිලියනයද ඉක්මවා ගොස් තිබේ.
වෛරසයෙන් පූර්ණ සුවය ලබා සිටින්නේ ආසාදිතයින් 212,018 දෙනකු පමණයි.





















































