
ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණු බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශය සහ මහනුවර අකුරණ ප්‍රදේශය තවදුරටත් හුදෙකලා කර තිබේ.
මේ අතර විදෙස් රටවල සිට පැමිණ ,ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිට නිරෝධායනය අවසන් කළ 187 දෙනෙකු ඊයේ (02) පිටව ගියේය.
අදත් (03) නිරෝධායනය අවසන් කළ පිරිසක් පිටව යාමට නියමිත අතර අද උදෑසන වවුනියාව , පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිරිසක් සිය නිවෙස් බලා පිටවී ගිය අයුරුයි මේ.





















































