
මෙරට කොරෝනා ආසාදිත සිව්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 58 ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයි.
ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මෙම පුද්ගලයා මියගොස් තිබේ.
මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 151 ක් වාර්තා වෙයි.





















































