
බේරුවල පන්නිල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පිරිසක් අද(02) එම ප්‍රදේශයේදී විරෝධතාවක නිරත විය.
ඒ ඇඳිරි නීතිය පැනවීමෙන් පසු තමන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයාගැනීමේ හැකියාවක් නොමැති බව පවසමින්.
ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති පරිදි සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමද නොතකමින්.
යුද හමුදාව සහ පොලීසිය කරුණු පැහැදිලි කිරීමෙන් පසු පිරිස විසිර ගොස් තිබේ.
අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරිනු ලැබීය.
මේ අතර පන්නිල ප්‍රදේශයෙන් සොයා ගැණුනු ආසාදිතයා පිළිබඳ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂ් කරුණාතිලක මහතා අද කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ඔහු වෘත්තියෙන් රියදුරෙක් බවයි.
මෙම පුද්ගලයාගේ රෝග ලක්ෂණ මතු වී ඇත්තේ දින 14 ක් පසුවී පැය කීපයක් ගත වීමෙන් අනතුරුව බවද පැවසු වෛද්‍යවරයා, ඔහු සෞඛ්‍ය අංශ වෙත කිසිදු දැනුම් දීමක් සිදු කර නොතිබුණ බවත් කියා සිටියේය.
එම පුද්ගලයා ආධාර බෙදීමට නොයෙක් තැන්වලට ගොස් ඇති බවත්, මේ වන විට එම පුද්ගලයාගේ බිරිඳ, දරුවා සහ නැන්දණිය හා මාමණ්ඩිය කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇතැයි ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.





















































