header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කොරෝනා අවමඟුලට ආ විරෝධය
Apr 02, 202008:29 PM
කොරෝනා අවමඟුලට ආ විරෝධය
Mobitel 1278

කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදනය වී මෙරට තුළ මිය ගිය තුන්වැනි පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විවිධ විරෝධතා මැද අද(02) සිදුකෙරුණි.

මෙය කොළඹ නගර සභා සීමාවේ සිදු වූ පළමු කොවිඩ් නයින්ටීන් මරණයයි.

අදාළ පුද්ගලයා රැඳී සිටි නිවාස සංකීර්ණය මේ වන විට සම්පූර්ණයෙන් වසා දමා ඇත්තේ පදිංචිකරුවන් 1300 ක් නිවාසවලට සීමා කරමින්.

කොවිඩ් නයින්ටීන් රෝගය ආසාදනය වීම නිසා මෙරට තුළදී මියගිය තෙවැනි පුද්ගලයාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු කිරීම සඳහා පළමුව ජාවත්තේ පිහිටි සුසාන භූමිය බලධාරීන් විසින් සූදානම් කර තිබුණි.

එහිදී ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වීම නිසා දේහය පිළිබඳ අවසන් කටයුතු එම ස්ථානයේ සිදුකිරීමට හැකි වූයේ නැහැ.

ඉන් පසුව බලධාරීන් තීරණය කළේ, මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමියයි.

කෙසේ වෙතත්, එය දැනගත්, ප්‍රදේශවාසීන් අදාළ ස්ථානයට එක්ව ඊට විරෝධය දැක්වූයේ ආදාහනාගාරයේ ගැටළු ඇති බවට පවසමින්.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිසිය රැස්වූ ජනතාව එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබීය.

ඉන් පසු දහවල් 12ට පමණ මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය ආදාහනාගාරයට රැගෙන ගියේය.

එම අවස්ථාවේදීත් පොදු සුසාන භූමිය ආසන්නයේ රැස්වූ ගම්වාසීන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තත්ත්වය පැහැදිලි කළේය.

අනතුරුව දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුකෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසීන්ට අනුවයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයා හැත්තෑ තුන් හැවිරිදි කොළඹ මරදාන ඉමාමුල් අරූස් මාවතේ පදිංචිකරුවෙක්.

මීට දින 10ට පමණ පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබේ.

පසුව අදාළ පුද්ගලයා යළි පසුගිය මස විසිවැනිදා කොළඹ නාගරික බෙහෙත් ශාලාවෙන්ද ප්‍රතිකාර ගෙන ඇත්තේ, රෝගය සුව නොවීම හේතුවෙන්.

කෙසේ වෙතත් තත්ත්වය බරපතළ වීමත් සමඟ පෙරේදා දිනයේදී ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඔහුට කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවයි.

අනතුරුව ඔහුව අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යවන අතරතුරදී මියගොස් තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මියගිය පුද්ගලයා දියවැඩියාව, අධික රුධිර පීඩනය, දිගු කාලීන වකුගඩු අඩපණවීම ආදි රෝගී තත්ත්වයන්ගෙන් පෙලී ඇති බවයි.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයා පිළිබඳ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ බෑනනුවන් පෙබරවාරී මස 28 වැනිදා මක්කම වන්දනාවේ ගොස් මෙරටට පැමිණ ඇති බවයි.

සෞඛ්‍ය අංශ එහිගොස් සිදුකළ සොයා බැලීමේදී මියගිය පුද්ගලයාගේ දියණියට, බෑනනුවන්ට සහා ඔවුන් දෙදෙනාගේ දරුවන් දෙදෙනාටද කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ.

අනතුරුව ඔවුන් කොළඹ ජාතික රෝහල හරහා අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර යවා අති අතර මිය ගිය පුද්ගලයාගේ බිරිඳ නිරෝධායනය සඳහා පුත්තලමට යවනු ලැබීය.

සෞඛ්‍ය අංශ පවසන්නේ, මියගිය කොරෝනා රෝගියා පදිංචිව සිටි මරදාන ගිනි නිවන හමුදා මූලස්ථානය අසල ඉමාමුල් අරූස් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණය ඊයේ රාත්‍රියේම මුද්‍රා තැබූ බවයි.

නිවාස සංකීරණයේ තුන්වැනි මහලේ පිහිටි මෙම මියගිය පුද්ගලයාගේ නිවස පිහිටා තිබේ.

මෙම නිවාස සංකීර්ණය තුළ නිවාස 218ක පුද්ගලයින් 1300ක් පමණ ජීවත් වෙයි.

එමෙන්ම මෙම නිවාස සංකීර්ණය පිහිටි ස්ථානයේ සිට වර්ග කිලෝ මීටර් 02ක පමණ දුරක කොළඹ නගරයේ පිහිටි වැදගත් මරමස්ථාන රැසක් පිහිටා තිබේ.

මිය ගිය පුද්ගලයා ඇසුරු කළ හා එම පිරිස ඇසුරු කළ පුද්ගලයින් 300 දෙනෙක් නිරෝධායනය සඳහා අද පස්වරුවේ පූනානි නිරෝධායන කඳවුර වෙත රැගෙන යනු ලැබීය.

මේ අතර මියගිය පුද්ගලයා ඇසුරු කළ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් එකොලොස් දෙනෙකු ද අද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු ක‍ළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ