
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව හැසිරෙන පුද්ගලයින් ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරයට ලක්විය හැකි බවට පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ දුතෙර්තේ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.
එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පිලිපීන ජනාධිපතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ කොවිඩ් නයින්ටින් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති නිරෝධායන ක්‍රියාමාර්ග සඳහා සහය දක්වන ලෙසයි.
එම නීති රීති කඩකරමින් ජන ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කරන ලෙස තමන් ආරක්ෂක අංශවලට නියෝග කරන බව ද පිලිපීන ජනාධිපතිවරයා සදහන් කර තිබේ.
පිලිපීනයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 2311 දෙනෙකු සහ මරණ 96ක් වාර්තා වී තිබේ.





















































