
ගත වූ පැය 24ක කාලය තුළ ස්පාඤ්ඤයෙන් කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදන වූ පුද්ලයින් 950 දෙනෙකු මියයාමත් සමඟ එරට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවා තිබේ.
පැය 24ක කාලයක් තුළ වෛරසය හේතුවෙන් තම රට තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව අද (02) දිනයේ මෙලෙස වාර්තා වී ඇති බව ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
කොවිඩ් නයින්ටීන් වෛරසයේ ඉහළම බලපෑමට ලක් වූ රටවල් අතරට අයත් වන ස්පාඤ්ඤය ඉන් දෙවැනි වන්නේ අමෙරිකාවට සහ ඉතාලියට පමණයි.
ස්පාඤ්ඤය තුළ අද වන විට ආසාදිතයින් එක් ලක්ෂ දස දහස් 238දෙනෙකු හදුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව දස දහස් තුනක්.





















































