
සිය අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ස්වයං නිරෝධායනයට යොමු වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු දින 07ක කාලයක් ස්වයං නිරෝධායනය ක්‍රියාවලිකට යොමුවීමට තීරණය කර ඇති බවයි.
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයෙකු වන එරට සෞඛ්‍ය අමාත්‍ය යාකොව් ලිට්ස්මාන් සහ ඔහුගේ බිරිඳකොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බවට අද දිනයේ තහවුරු විය.
70 හැවිරිදි බෙන්ජමින් නෙතන්යාහු මීට පෙර අවස්ථා දෙකකදී කොරෝනා වෛරස පරීක්ෂාවකට මුහුණ දී තිබු අතර එහිදී ඔහු ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී තිබුණි.





















































