
2020 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පැවැත්වීම කල් තැබීමට තීරණය කර තිබේ.
සමුළුව ලබන නොවැම්බර් මාසයේදී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.
ලොව පුරා පැතිර යන කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සමුළුව කල් තැබීමට එහි කාර්ය මණ්ඩලය තීරණය කර ඇත.
කෙසේවෙතත් සමුළුව යළි පවත්වන දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බව වාර්තා වෙයි.





















































