
අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.
මේ වන විට අමෙරිකාවෙන් ආසාදිතයින් දෙලක්ෂ 14,836 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගත වූ කාලය තුළ එරටින් මරණ 1046ක් වාර්තා වී ඇති අතර වෛරසය හේතුවෙන් දිනක් තුළ එක් රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය ලෙස සැලකෙයි.
ඒ අනුව අමෙරිකාවේ සිදුව ඇති මුළු මරණ සංඛ්‍යාව 5,099ක් වෙයි.
මියගිය පුද්ගලයින් අතර සති 06ක් වයැසැති බිළිදෙකු ද වන අතර වෛරසයෙන් මියගිය ළාබාලතමයා බවට එම බිළිදා හඳුනා ගෙන ඇති බව සඳහන්.
කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අද වන විට ලොව පුරා ආසාදිතයින් නව ලක්ෂ 35,000ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 47,189ක් වෙයි.
පුද්ගලයින් එක් ලක්ෂ 93,989 දෙනෙකු සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ දිනය තුළ ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාවේ මෙන්ම නව අසාදිතයින් සංඛ්‍යාවේ ද අඩුවක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව පැය 24ක කාලය තුළ එරටින් මරණ 727ක් සහ නව ආසාදිතයින් 4782 කු වාර්තා වී ඇති බව සඳහන්.





















































