
හම්බන්තොට ජාතික නිවාස මාවතේ පදිංචි පවුලක් ද අද ස්වයං නිරෝධායනයට ලක් කෙරුණි.
ඒ ඔවුන්ට අයත් හම්බන්තොට කොහොලංකල රොටරි නිවාසවල පිහිටි නිවසක් බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට ලබාදීමේ සිද්ධියක් පදනම් කරගනිමින්.
ඉකුත් 16 වනදා අදාළ නිවස බේරුවල පිරිසකට බදු දී ඇති අතර පසුදාම එම නිවස භාර දී එම පුද්ගලයින් ගොස් ඇති බවත් පසුව ඉන් අයෙකු කොරෝනා ආසාදිතයෙක් බව හඳුනාගෙන තිබේ.
සෞඛ්‍ය අංශ සහ පොලීසිය මෙහිදී උපදෙස් දුන්නේ, ස්වංය නිරෝධායනයට ලක්කළ පුද්ගලයින්ගේ නිවස යාබද නිවසද නිරෝධායනයට ලක් කළ යුතු බවයි.
එහිදී එම නිවැසියන්ගෙන් විරෝධය එල්ල විය.





















































