
උණ සහ නියුමෝනියාව හේතුවෙන් මහියංගණය රෝහලේදි මියගිය කාන්තාවකගේ සිරුරක් ඊයේ(31) පස්වරුවේ මහියංගණය ප්‍රදේශයේ දොඩම්වත් පොදු සුසාන භූමියේ භූමිදානය කිරීමට යාමේදි ප්‍රදේශවාසින්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
මියගිය තැනැත්තියගේ රුධිර පරීක්ෂණ වාර්තාව පැමිණෙන තෙක් ඇය කොරෝනා වෛරසයෙන් මියගියේ දැයි තහවුරු කළ නොහැකි බව පවසා තිබු අධිකරණ වෛද්‍යවරුන් උපදෙස් දී තිබුනේ මෙම සිරුර රෝහල තුළ තබාගත නොහැකි බැවින් නිරෝධායන රේගුලාසි වලට අනුකූලව එම සිරුර අඩි 08ක් ගැඹුරු වලක භූමිදානය කරන ලෙසයි.
කෙසේ වෙතත් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් සිරුර භූමිදානය කිරීමට වලක් හැරීමට උත්සහා කිරීමත් සමඟ එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසින් නොසන්සුන්කාරි ලෙස හැසිරුණී.
ප්‍රදේශවාසින්ගේ දැඩි විරෝධය හමුවේ අදාළ සිරුර භූමිදානය කිරීමට නොහැකි වු අතර එය මේ වන විටත් මහියංගණය රෝහලේ තැන්පත් කර තිබේ.





















































