
ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 2797 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (25) උදෑසන 06.00යේ සිට අද දහවල් 12.00ක්වා ගත වූ පැය 6ක කාලය තුළ පමණක් පුද්ගලයින් 115 දෙනෙකු අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්ය කොට්ඨාශය සදහන් කළේය.
එම කාලය තුළ රථවාහන23ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
පසුගිය 20 වනදින පස්වරු 6.00 සිට අද උදෑසන 06 දක්වා කාලය තුළ තුළ පමණක් රථවාහන 729ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්ය කොට්ඨාශය සදහන් කළේය.
ඇදිරි නීති කාලසීමාව තුල ඇතැම් පුද්ගලයින්ගේ ක්රියා කලාපය පිළිබඳව කණගාටුවට පත්වන බව පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්රකාශ කළේය.





















































