
කොවිඩ් නයින්ටීන් වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා කොවිඩ් නයින්ටීන් වෛරසය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී සැකකරු ලබන අප්‍රේල් පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත.





















































