
කණ්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඊයේ දිනයේ නිරෝධායනය අවසන් කළ පිරිසක් රැගෙන මාතර බලා ගිය යුද හමුදා බස් රථයක් අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ.
විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලා යමින් සිටි බස් රථයක් යුදහමුදා බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් සංචාරක බස්රථයේ රියදුරුට සහ රිය සහයකට බරපතල තුවාල සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
යුදහමුදා රථයේ ගමන් ගත් සෙබලෙක්ද අනතුරින් තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.





















































