
Covid 19 හෙවත් කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් සිටිනවාද යන්න මෙතෙක් ඉතාලියේ රෝහල්වලින් තහවුරු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මේ සම්බන්ධයෙන් ඉතාලියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයද විමසීම් සිදු කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදු කර නොමැත.
කෙසේ වෙතත් ඉතාලියේ සිටි ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇති අතර එයට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වි නොමැති බවද වාර්තා වේ.





















































