
ඕස්ට්‍රෙලියාව තුල අවමංගල්‍ය උත්සවයකට සහාභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යව දස දෙනෙකු බව එරට රජය පවසයි.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත්තේ රටතුළ මහජන රැස්වීම් අවමකිරිමේ අරමුනින් මෙම පියවර ගෙන ඇති බවයි.
මංගල උත්සවයක් සඳහා සහභාගි විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව පහක් බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ඕස්ට්‍රේලියානුවන්ට විදෙස් සංචාර තහනම් කර ඇති අතර පොදු ස්ථානද වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.





















































