
කොරෝනා වෛරස මර්දනය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා මගින් ගුවනේ සිට විෂබීජ නාශක විසුරුවාහරින බවට පල වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ගුවන් හමුදාව පවසයි.
වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතානේ දුෂාන් විජේසිංහ මහතා සදහන් කළේ අදාල වාර්තාව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ වන විට සංසරණයවෙමින් පවතින බවයි.
අද (24) රාත්‍රි 11.30ට එලෙස විෂබීජ නාශක ඉසීමක් සිදු කරන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බව ද ඔහු සදහන් කළේය.
කෙසේවෙතත් ගුවන් හමුදාව කිසිදු ආකාරයකින් එවැනි මෙහෙයුමක් සිදු නොකරන බව වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
















































