
සී.එන්.එන් පුවත් සේවයේ පිලිපීන විකාශය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ඒ එම පුවත් කාර්යාලයේ පිහිටි ගොඩනැඟිලි සංකීර්ණයේ කොරෝනා වෛරස ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟයි.
මැනිලා නුවර පිහිටි අදාල ගොඩනැඟිල්ලේ වෙනත් ආයතනයක සේවකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ආරක්ෂිත පියවරක් ලෙස පැය 24 ක කාලයක් විකාශන කටයුතු අත්හිටුවා කාර්යාලය විෂබීජහරණයට ලක් කිරීමට සී.එන්.එන්. ආයතනය පියවර ගෙන ඇත.
මේ වන විට පිලිපීනයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයින් 187 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එරට ප්‍රදේශ රැසක වැසියන්ට අත්‍යාවශ්‍ය කටයුතුවලට හැර නිවෙස්වලින් බැහැරව යාම රජය විසින් තහනම් කර තිබේ.



















































