
අවමංගල්‍ය අවස්ථා සඳහා අධික පිරිස් ඒකරාශි වීම තාවකාලිකව තහනම් කිරිමට අමෙරිකාව තීරණය කර තිබේ.
එරට සෞඛ්‍ය ආරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ,යම් අවමංගල්‍ය අවස්ථාවක් දැකබලා ගැනීමට ඥාතීන්ට අවශ්‍ය නම් විඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව විකාශනය කිරිමේ ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසයි.
නව කොරොනා වෛරස ව්යිප්තිය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ වන විට අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් අසාධිතයින් 6499ක් වාර්තා වන අතර මරණ 112 ක් සිදුව තිබේ.



















































