
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් බොලිවුඩ් සිනමාවේ සියළු චිත්‍රපට නිෂ්පාදන කටයුතු අත්හිටු වීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ලබන 19 වනදා සිට 31 වනදා දක්වා සියළු බොලිවුඩ් සිනමා නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලෝකයේ වැඩි වශයෙන් චිත්‍රපට නිර්මාණය වන රට ලෙස ඉන්දියාව සැලකෙන අතර වාර්ෂිකව භාෂා 20 කට අධික චිත්‍රපට දෙදහසක් පමණක් නිර්මාණය වේ.



















































