header logo
Vallibel FD
උණුසුම් පුවත්
නිවාඩු දීර්ඝ වන්නේ අත්‍යවශ්‍ය වුණොත් විතරයි
Mar 15, 202002:04 PM
නිවාඩු දීර්ඝ වන්නේ අත්‍යවශ්‍ය වුණොත් විතරයි
Mobitel 1278

මෙරටින් තහවුරු කරගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර පවතින තත්ත්වය හමුවේ හෙට රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණි.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තවදුරටත් අත්‍යවශ්‍ය වුවහොත් පමණක් මෙම නිවාඩුව දීර්ඝ කිරීමට කටයුතු කරන බවයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළ නැංවුණේ ඊයේ පස්වරුවේ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

ඉකුත් 07 වැනිදා ඉතාලියේ සිට පැමිණි 56 හැවිරිදි කාන්තාවක සහ මීට පෙර කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකුගේ ඥාතියෙකු වන 17 හැවිරිදි ගැහැණු දරුවෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව මේ වනවිට පුද්ගලයින් 103 දෙනෙකු පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වූ සැකය මත දිවයිනේ රෝහල් 14 ක ප්‍රතිකාර ලබයි.

විදේශයන්ගේ සිට පැමිණ මඩකලපුව,කන්දකාඩු හා දියතලාව ඇතුළු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති පුද්ගලයින් ගණන මේ වනවිට 1715ක් වන අතර ඉන් 14 දෙනෙකු රෝහල්ගත කර ඇත.

පවතින තත්ත්වය හමුවේ හෙට දිනය මහජන නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

දිවයිනේ සත්වෝද්‍යාන,ජාතික උද්‍යාන සහ උද්භිත උද්‍යානද සති දෙකක කාලයක් මහජනයා සඳහා විවෘත නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමෙන් පැවැත්වීමට සූදානම් කර ඇති සියලුම ප්‍රසිද්ධ රැස්වීම්.උත්සව ආදිය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර ශබ්ද වාහිනී යන්ත්‍ර යොදාගනිමින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.

1897 අංක 03 දරණ රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධානවලට අනුව රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තෙකු පොලිස් නිලධාරියෙකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන පවතින බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

එමෙන්ම මහජන සෞඛ්‍ය හා ආරක්ෂාවට එරෙහි වැරදි යටතේ මහේස්ත්‍රාත්වරයෙකු විසින් ඇප ලබානොදී රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ හැකියාවද පවතින බව එහි දැක්වෙයි.

එමෙන්ම කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන නිශ්කාෂණ වාර්තා ඔන්ලයින් ක්‍රමයට පමණක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර නිශ්කාෂණ වාර්තා අයදුම්පත් භාරගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසා කාර්යාලයේ ස්ථාපිත කර ඇති කාර්යාලය සති 02ක කාලයක් වසා තැබෙනු ඇති.

මේ අතර නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව වීම සහ ඒ පිළිබඳ පැතිර යන දුර්මත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ සජීවී වැඩසටහනක් මාධ්‍ය ආයතන ඒකාබද්ධව අද විකාශය කෙරුණි.

රටවැසියන්ට සෙත්පතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ නාථ දේවාල පරිශ්‍රයේදී සෙත් පිරිත් සජ්ඣායනය අද පෙරවරුවේ සිදුකෙරුණේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි හිමි සහ මල්වතු පාර්ශ්වයේ මහසංඝරත්නයේ සහභාගිත්වයෙන්.

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රට වැසියන්ට සෙත් පතමින් දෙරණ මාධ්‍ය ජාලය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ඊයේ පස්වරුවේ සිට සංවිධාන කළ රතන සූත්‍ර සජ්ඣායනාව අද උදෑසන 6ට අවසන් කෙරුණා.

ඒ අතර කතෝලික බැතිමතුන් සඳහා විශේෂ ඉරුදින දේවමෙහෙයක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අගරදගුරු නිල නිවාස පරිශ්‍රයේදී අද පැවැත්වුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

විලංගු වැටුණු නාමල් බන්ධනාගාරයට..රු.මි.100ක් නාමල්ට දුන් බවට නිමල්ගෙන් දිවුරුම් ප්‍රකාශයක්

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්