header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නිවාඩු දීර්ඝ වන්නේ අත්‍යවශ්‍ය වුණොත් විතරයි
Mar 15, 202002:04 PM
නිවාඩු දීර්ඝ වන්නේ අත්‍යවශ්‍ය වුණොත් විතරයි
Mobitel 1278

මෙරටින් තහවුරු කරගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර පවතින තත්ත්වය හමුවේ හෙට රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණි.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තවදුරටත් අත්‍යවශ්‍ය වුවහොත් පමණක් මෙම නිවාඩුව දීර්ඝ කිරීමට කටයුතු කරන බවයි.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළ නැංවුණේ ඊයේ පස්වරුවේ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

ඉකුත් 07 වැනිදා ඉතාලියේ සිට පැමිණි 56 හැවිරිදි කාන්තාවක සහ මීට පෙර කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකුගේ ඥාතියෙකු වන 17 හැවිරිදි ගැහැණු දරුවෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව මේ වනවිට පුද්ගලයින් 103 දෙනෙකු පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වූ සැකය මත දිවයිනේ රෝහල් 14 ක ප්‍රතිකාර ලබයි.

විදේශයන්ගේ සිට පැමිණ මඩකලපුව,කන්දකාඩු හා දියතලාව ඇතුළු නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති පුද්ගලයින් ගණන මේ වනවිට 1715ක් වන අතර ඉන් 14 දෙනෙකු රෝහල්ගත කර ඇත.

පවතින තත්ත්වය හමුවේ හෙට දිනය මහජන නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

දිවයිනේ සත්වෝද්‍යාන,ජාතික උද්‍යාන සහ උද්භිත උද්‍යානද සති දෙකක කාලයක් මහජනයා සඳහා විවෘත නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු හෝ පෞද්ගලික මට්ටමෙන් පැවැත්වීමට සූදානම් කර ඇති සියලුම ප්‍රසිද්ධ රැස්වීම්.උත්සව ආදිය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර ශබ්ද වාහිනී යන්ත්‍ර යොදාගනිමින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.

1897 අංක 03 දරණ රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධානවලට අනුව රෝග නිරෝධායන රෙගුලාසිවලට පටහැනිව කටයුතු කරන ඕනෑම තැනැත්තෙකු පොලිස් නිලධාරියෙකු විසින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන පවතින බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

එමෙන්ම මහජන සෞඛ්‍ය හා ආරක්ෂාවට එරෙහි වැරදි යටතේ මහේස්ත්‍රාත්වරයෙකු විසින් ඇප ලබානොදී රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ හැකියාවද පවතින බව එහි දැක්වෙයි.

එමෙන්ම කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන නිශ්කාෂණ වාර්තා ඔන්ලයින් ක්‍රමයට පමණක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති අතර නිශ්කාෂණ වාර්තා අයදුම්පත් භාරගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසා කාර්යාලයේ ස්ථාපිත කර ඇති කාර්යාලය සති 02ක කාලයක් වසා තැබෙනු ඇති.

මේ අතර නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව වීම සහ ඒ පිළිබඳ පැතිර යන දුර්මත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ සජීවී වැඩසටහනක් මාධ්‍ය ආයතන ඒකාබද්ධව අද විකාශය කෙරුණි.

රටවැසියන්ට සෙත්පතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ නාථ දේවාල පරිශ්‍රයේදී සෙත් පිරිත් සජ්ඣායනය අද පෙරවරුවේ සිදුකෙරුණේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි හිමි සහ මල්වතු පාර්ශ්වයේ මහසංඝරත්නයේ සහභාගිත්වයෙන්.

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා රට වැසියන්ට සෙත් පතමින් දෙරණ මාධ්‍ය ජාලය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී ඊයේ පස්වරුවේ සිට සංවිධාන කළ රතන සූත්‍ර සජ්ඣායනාව අද උදෑසන 6ට අවසන් කෙරුණා.

ඒ අතර කතෝලික බැතිමතුන් සඳහා විශේෂ ඉරුදින දේවමෙහෙයක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අගරදගුරු නිල නිවාස පරිශ්‍රයේදී අද පැවැත්වුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

"තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

“රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

 තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

නාමල්ගේ අත්අඩංගුවට පත් ලේකම් ගැන මොනවද දන්නේ ? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

මහින්ද කහඳගම පොහොට්ටුවේ නෙවෙයිද? | Ada Derana

Lassana Flora
Spotlight
ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana