
රට තුළ කොරොනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීමට රජය සැලසුම් සහගත විධිවිධාන සලසා ඇති බැවින් රටේ කිසිදු පුද්ගලයෙකු අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ සමාන්‍ය ජන ජීවිතයට බලපෑ හැකි කිසිදු තත්ත්වයකට රජය ඉඩ තබා නොමැති බවයි.
විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් ඉතා ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ නිරෝධායනය කෙරෙන අතර සියලු අසාධිතයන්ට නියමිත ප්‍රතිකාර ලබා දීමට පහසුකම් සලසා ඇති බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එබැවින් කටකතාවලට හසු නොවන ලෙසයි ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේය.

















































