
සුපිරි නළු ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන් නව කොරොනා වෛරස ආසාදිතයන් බවට වාර්තා වෙයි.
ඔවුන් ඔස්ට්‍රේලියාවේ දී කොරෝනා වෛරසයට ගොඳුරුවී ඇති බව අන්තර්ජාල සටහනක් මඟින් පවසා සිටියේය.
ටොම් හෑන්ක්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඔවුන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ නිරෝධායන කටයුතු වලට යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ටොම් හෑන්ක්ස් මෙන්ම ඔහුගේ බිරිඳ ද අමෙරිකාවේ ප්‍රසිද්ධ නිළියකි.
මේ වන විට ඔවුන් සමඟ සමීපව ආශ්‍රය කළ අනෙක් පිරිස් ද නිරෝධායන කටයුතුවලට යොමු කර ඇත.

















































