header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
නේවි සම්පත් නොවු නේවි සම්පත්
Feb 26, 202010:21 PM
නේවි සම්පත් නොවු නේවි සම්පත්
Mobitel 1278

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ විමර්ශන වලදී සිදුවූ අසාධාරණ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාලව, නාවික හමුදා හිටපු බුද්ධි නිලධාරී ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි මහතා දෙවන දිනටත් අද දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

අදාළ නඩුකටයුතු වලදී ''නේවි සම්පත්'' ලෙස තමන්ව හැඳින්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත් , තමන් ''නේවි සම්පත්''නොවන බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය.

නාවික හමුදා බුද්ධි අංශයේ සේවය කළ ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි මහතා අද පෙරවරු 10.30 ට පමණ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණියේය.

මන්ත්‍රී රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධ පෙර නඩුවල බී වාර්තා සහ අදාළ ලේඛන ද ප්‍රසාද් චන්දන කුමාර හෙට්ටිආරච්චි විසින් අද කොමිසමට භාරදෙනු ලැබුවේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට අදාළ නඩුවේ රජයේ සාක්ෂිකරු ලෙස කටයුතු කළ විජේවික්‍රම මනම්පේරිගේ සම්පත් ප්‍රීතිවිරාජ් නැමැත්තාගෙන් 2015 ආණ්ඩු පෙරළියෙන් පසු යළි ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත්, රජයේ සාක්ෂිකරුගේ නිවසටම ගොස් ප්‍රකාශය ලබා ගෙන ඇති බවත් ඔහු එහිදී කොමිසමට ප්‍රකාශ කළේය.

තමන් ඇතුළු නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකු නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියට සම්බන්ධ කරමින් එම ප්‍රකාශය ලබාදී ඇති බවයි ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා කොමිසම හමුවේ පැවසුවේ.

ඒ අනුව පසුගිය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අත්අඩංගුවට පත් පළමු හමුදා බුද්ධි නිලධාරියා ලෙස තමන් 2015 මාර්තු මස 15 වන දින අත්අඩංගුවට පත්වූ බව ඔහු සඳහන් කළේය.

එම නඩුවේදී ''නේවි සම්පත්'' ලෙස තමන්ව හැඳින්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කළ බවත් තමන්ට එවැනි නමක් නොමැති බවත් පැවසූ ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ඒ හේතුවෙන් තමබිරිඳ සහ දරුවන් පවා අපහසුතාවට පත්වූ බව පෙන්වාදුන්නේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ගේ සම්බන්ධයක් මෙම සිද්ධියට පවතින බව පෙන්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ යැයි තමන්ට හැඟී ගිය බවද ඔහු කොමිසමට ප්‍රකාශ කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල