
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙයි.
හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී වසර තුනකට පමණ පසුව පැවති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් අතර දැඩි උද්යෝගයක් පැවතුණි.
එම නිසාම අද තරගය නැරඹීමට පැමිණි පිරිසට සාපේක්ශව ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානයේ රාජකාරියේ යෙදීමට සිටි පිරිස අඩු වීම හේතුවෙන් ක්‍රීඩාංගණයට ප්‍රවිශ්ඨ වන ගේට්ටුව අසල නොසන්සුන්තාවයක් ඇති වුණි.
අනතුරුව ඇතිවු නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා පොලීසියට සහ යුද හමුදාවට මැදිහත්වීමටද සිදුවුණි.



















































