
නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 2769ක් දක්වා ඉහළ යද්දී ආසාදිතයින් හඳුනා ගැණුනු රටවල් ගණන 40 දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේදී දකුණු අමෙරිකානු කලාපයේ පළමු කොරෝනා ආසාදිතයා බ්‍රසීලයෙන් හදුනාගැණුනු අතර ප්‍රංශයෙන් දෙවැනි මරණය වාර්තා වුණි.
නව කොරෝනා වෛරස ආසාදනය අද වනවිට ලෝකයේ රටවල් 40ක් පුරා පැතිර ගොස් ඇත්තේ ආසාදිතයන් සංඛ්‍යාව 80900 ඉක්මවමින්.
ඉන් වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වෙද්දී තවත් ආසියාතික රාජ්‍යක් වන දකුණු කොරියාව නව කොරෝනා ව්‍යාප්තියේ වැඩිම බලපෑමට ලක්ව ඇත.
දකුණු කොරියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 1146 දක්වා ඉහළ යද්දී මරණ සංඛ්‍යාව 11ක් ලෙස වාර්තා වෙයි.
නවතම වාර්තාවල දැක්වෙන්නේ, දකුණු කොරියානු හමුදා භටයන් 18දෙනෙක් සහ එරට සිටින අමෙරිකානු සෙබළෙකු ද වෛරසයට ගොදුරු වී ඇති බවයි.
කොවිඩ් වෛරසයෙන් යුරෝපා කලාපයේ වැඩිම බලපෑමක් එල්ලවූ රාජ්‍ය වන්නේ ඉතාලියයි.
එරටින් ආසාදිතයන් 359දෙනෙකු හමුවී ඇති අතර පුද්ගලයන් 13දෙනෙක් මියගොස් ඇත.
ජපානයේ කොවිඩ් ආසාදිතයන් ගණන 860 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, 4ක් ලෙසින්.
ජපානයේ වෛරස ව්‍යාප්තිය සලකා රටේ සියලු ක්‍රීඩා සහ සංස්කෘතික ඉසව් සති දෙකක කාලයකට කල්දැමීමට තීරණය කර ඇතත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ඉසව්වේ පෙර සූදානම් කටයුතු නියමිත පරිදි සිදු කෙරෙයි.
මේ අතර බ්‍රසීලයට අමතරව, ස්විට්සර්ලන්තය, ඇල්ජීරියාව සහ ග්‍රීසියෙන්ද පළමුවරට කොරෝනා ආසාදිතයින් හමුවී ඇත.
ඔවුගෙන් වැඩි දෙනා මෑතකදී ඉතාලියේ හෝ ඉරානයේ සංචාරය කර පැමිණි පිරිස්වීම විශේෂත්වයක්.
නව කොරෝනා ආසාදනයෙන් ඉරානයේ සිදුවූ මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන්ගේ ගණන 139ක් ලෙස වාර්තා වෙයි.
ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාට අමතරව තවත් ප්‍රධාන පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකුම කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වෙයි.
කොරෝනා වෛරසයට පෙර සූදානමක් වශයෙන් අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිමට එරට බලධාරීන් කටයුතු කර ඇත.





















































