header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ ඇරඹේ
Jan 22, 202004:57 PM
අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙළ ඇරඹේ
Mobitel 1278

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබ සාධනයක් උදෙසා අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට ස්ථාවර ආදායම් මාර්ග විවෘත කරමින් ඉතා කඩිනමින් රජයේ රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය දැන් ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අයැදුම්කරුවන් විසින් ජනවාරි 20 වනදා පළවූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව සකස් කළ අයැදුම්පත් 2020-02-15 වන දිනට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වෙත භාරදිය යුතුය.

ග්‍රාම නිලධාරි විසින් තොරතුරු සහතික කර තම ප්‍රාදේශීය ලේකම් වෙත 2020-02-20 වන දිනට පෙර භාර දිය යුතුය.

ග්‍රාම නිලධාරි විසින් තොරතුරු තහවුරු කර ගැනීමේ දී ප්‍රදේශයේ බිම් මට්ටමේ සිටින සමෘද්ධි නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ගෙන් මෙන්ම ප්‍රදේශයේ පූජක පක්ෂයෙන්, කොට්ඨාසය භාර මහජන නියෝජිතයාගෙන් කරුණු විමසිය හැකිය.

වැරදි තොරතුරු තහවුරු කිරීම රැකියාව අත්හිටුවීම ඇතුලු විනය ක්‍රියාමාර්ග ගැනීමට යටත්ය.

ප්‍රාදේශීය ලේකම්වරුන් වරින් වර මෙම කටයුතු අධීක්ෂණය කරමින් “රැකියා කළහැකි දිළිඳුම පවුල්වලට මුල්තැන” ලැබෙන පරිදි වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම සහතික කිරිමට කටයුතු කළ යුතුය.

ප්‍රාදේශීය ලේකම් විසින් ග්‍රාම නිලධාරීන් වෙතින් ලැබෙන තොරතුරු/අයැදුම්පත්‍ මනා ලෙස ලේඛනගත කිරීම 2020-02-25 වන දින වන විට සම්පූර්ණ කළ යුතුය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදි හා ප්‍රාදේශීය ලේකම් නම් කරන වෙනත් පොදු ස්ථානවල දී තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් 2020-02-26 වන දින සිට දින 05 ක් තුළ පවත්වනු ලැබේ.

අයැදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ග්‍රාම නිලධාරි සහතික හා වෙනත් ලියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කළ යුතුය.

තෝරාගත් අයැදුම්කරුවන්ට බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ පුහුණුවීමේ පත්වීම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරි මගින් ලබා දෙනු ඇත.

පුහුණුවීම් 2020-03-02 දින ඇරඹේ. පුහුණු කාලය තුළ මසකට රු 22,500/-ක දීමනාවක් ගෙවනු ලැබේ.

මනා පුහුණුලාභීන් 2020-10-01 දින සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථීර සේවකයින් ලෙස පත් කෙරේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් සුවිශේෂී ශ්‍රම සංචිතයක් නිර්මාණය කරනු ඇත.

වෘත්තීයවේදීන් විසින් කළමණාකරණය කරනු ලබන ශ්‍රම සංචිතය, අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත හා අඩු ආදායම්ලාභී ගණයෙහිලා සැලකෙන පිරිස විවිධ නිපුණතාවන්ගෙන් සමන්විත පිරිසක් බවට පත්කර රජයේ මෙන්ම රජයේ නොවන බහුවිධ සේවා සපයන්නන් බවට පත්කිරීමට අපේක්ෂා කෙරේ.

මෙකී පිරිසට අයත් වනුයේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) ට පහළ අධ්‍යාපනයක් සහිත වයස අවුරුදු 18-45 අතර කාණ්ඩයේ රැකියා විරහිත තැනැත්තන් පමණි.

බඳවා ගනු ලබන සාමාජිකයන්ට වෘත්තීය පුහුණුවක් දීමෙන් අනතුරුව සේවයෙහි ස්ථීර කරනු ලැබේ.

සේවා නියුක්තිකයන්ට ස්වකීය පවුල් දිවියෙන් දුරස්ථ වීමක් සිදු නොවන පිරිදි පදිංචි පෙදෙස් වලට නුදුරෙන්ම පිහිටි සේවා ස්ථානයන්හි රාජකාරී පවරනු ඇත.

ඔවුන්ගේ සතුටුදායක සේවය හා විනය මෙන්ම, ඉහළ කාර්ය සාධනය ද සැලකිල්ලට ගනිමින්පසුව විදෙස් රැකියා සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ